Sunday, November 29, 2020

Docker - Part 1 Introduction




Docker - Part 1 Introduction

අද මං කියලා දෙන්නම් container management service එකක් වෙන Docker ගැන. ඊට කලින් අපි බලමු මොනවද මේ container management service කියන්නෙ කියලා.  


Container management කියන්නෙ ගොඩක් software containers, organizing කරලා ඒවා එකට එකතු කරන්වා හෝ replace කරන වැඩේට. එතකොට මොනවද මේ container එකක් කියන්නෙ. container එකක් කියන්නෙ සරලවම කිව්වොත් aplications එකක් run කරන්න ඕනි වෙන code,files  සහ එහි සියලු  libraries, dependencies store කරන සම්මත software unit එකක්. එම නිසා application එකක් එක operating system ඉදලා තවත්  operating system  එකක වේගයෙන් හා විශ්වාසදායක ලෙස ක්‍රියාත්මක වෙන්න පුලුවන්. Linux සහ Windows මත පදනම් වූ applications සඳහා මේ  container ලබා ගත ගන්න පුලුවන්. ඒ වගේම computer එකේ තියෙන infrastuctures නොසලකා container එකකට සෑම විටම එකම ආකාරයකින් ක්‍රියාත්මක වෙන්නත් පුලුවන්. 


Container management කිර්‍රිම තුලින් අපිට enterprise applications deploy කිර්‍ර්ම් හා update කිර්‍ර්ම වේගවත් ලෙස කරගන්න පුලුවන්. Kubernetes සහ  Docker Swarm කියන්නෙ Container management software වලට උදාහරණ දෙකක්. 


හරී.


දැන් බලමු මොකක්ද මේ Docker කියන්නෙ කියලා. මං කලින් කිව්වා වගේ Docker කියන්නෙ container management service එකක්. Docker පාවිච්චි කරලා developersලට පුලුවන් application ලේසියෙන්ම develop කරලා ඕනිම තැනක deploy  කරන්න පුලුවන් වෙන විදියට containers වලට ඇතුල් කරන්න.


Docker පාවිච්චි කිරීමෙන් ලැබෙන වාසි


1. Container මගින් application develop කිර්‍ර්මට operating system එක තුල වැය වෙන ඉඩ අවකාශ   ප්‍රමාණය අඩු කරයි.
 
2. Container භාවිතා කිරීම මගින් විවිධ පද්දති(units) හරහා  development, QA සහ Operations කිරීමේ හැකියාව ලැබේ.


3. ඕනිම computer space එකක් තුල Docker container එකක් deploy කරන්න පුලුවන්. ඒ කියන්නෙ physcial machine එකක නැත්තන් virthual machine එකක එහෙමත් නැත්තන් computer cloud space එකක උනත් Docker container deploy එකක් කරන්න පුලුවන්.


4.  Docker container  එකක් සැහැල්ලු ඒ කිව්වෙ lightweighted නිසා අපිට ලේසියෙන් size එක අඩු වැඩි කර ගන්න පුලුවන්. පාවිච්චි කරන්න ලේසී.


Docker වල සං‍රචක(components)

  • Docker for Mac − Docker containers, Mac OS තුල run කිර්‍ර්මට උදව් වේ.
  • Docker for Linux − Docker containers, Linux OS තුල run කිර්‍ර්මට උදව් වේ. 
  • Docker for Windows − Docker containers, Windows OS තුල run කිර්‍ර්මට උදව් වේ. 
  • Docker Engine − Docker images සහ Docker containers සෑදීමට උදව් වේ.
  • Docker Hub −  විවිධ වර්ගයේ Docker images ඉදීරිපත් කිර්‍ර්මට උදව් වේ.
  • Docker Compose −  Docker containers ගොඩක් පාවිච්චි කරලා appliation define කිර්‍ර්මට උදව් වේ.
හරී.


මේ post එකෙන් මම ඔයාලට කියලා දුන්නෙ Docker කියන්නෙ මොකක්ද කියන එක. එහෙනම් ඊලග post වලදි Docker ගැන වැඩි විස්තර කතා කරමු.


--පියුමි--


2 comments: