Tuesday, October 9, 2018

Database sinhala tutorial for beginners -part1





     මොනවද මේ database කියන්නෙ ?


ඔයාලා දැනටමත් database එක්ක වැඩ කරනවා ඇති . නැත්තන් database ගැන අහලා ඇති.
database  ගැන කතා කරන්න කලින් මුලින්ම බලමු මොකක්ද මේ database  එකක් කියන්නෙ කියලා.
database එකක් යනු ?
data සමුහයකි . database එකක්,  සරලව කියනවා නම් දත්ත list එකක් තියන text file හෝ තරමක් ලොකු සංකීර්ණ  database
management system එකක් .

database management systems එකක් කියන්නෙ මොකක්ද බලන්න කලින් සරල උදාහරණයක් ලෙස  text file එකක් බලමු.


ඉතා කුඩා data ප්‍රමාණයක් සදහා මේ විදිය ගැලපෙනවා වුණාට data විශාල ප්‍රමාණයක් සදහා මේ විදිය ගැලපෙන්නෙ නෑ.

ඒ වගේම  spread sheet එකක් ලෙස data store කරන්නත් පුලුවන්.ඒකට එදිනෙදා පාවිච්චි කරන excel වගේ software එකක් පාවිච්චි කරන්න පුලුවන්.





Excel  වලින් spreadsheet එකක  Rows සහ  columns වලට data දැම්මාම,  data වල formatting වෙනස් කරන්න, data sort කරන්න ,filter කරන්න වගේ දේවල් පහසුවෙන් කර ගන්න පුලුවන්.

Data  store කරන්න පාවිච්චි කරන ක්‍රම අතරින්    Database Software එකක් පාවිච්චි කිරීම තමයි හොදම ක්‍රමය විදියට හදුන්වල දෙන්න පුලුවන්. Microsoft Access වගේ  Software එකක් මේ සදහා  පාවිච්චි කරන්න පුලුවන්.

Database software ගැන කතා කරද්දි මුලිකවම දැනගතයුතු දෙයක් තමයි Database Management System (DBMS) කියන්නේ .

DBMS එකක් කියන්නේ  databases හදන්නත්, manege කරන්නත් කරන්නත් පුළුවන් software program එකක්   . මේ software system වලදි    database සම්බන්ද සම්මත ක්‍රමවේද (standard methods)  පාවිච්චි කරනවා.   සාමාන්‍යයෙන්  text  file/spreadsheet වලට වඩා databases ටිකක් සංකීර්ණයි.  
මුලිකව ගත්තම  database systems වර්ග 04 ක්  තියනවා.
1). Relational Database Management System (RDBMS) 
2).Network Database Management System 
3).Hierarchical Database Management System 
4). Object-oriented  Database Management System 

දැන් ගොඩක්  පාවිච්චි කරන database systems වර්ගෙ තමයි Relational Database Management System (RDBMS). මොකද මේවගේ store කරන්න පුළුවන් එකිනෙකට සම්බන්ද data වෙනස් වෙනස් tables වල. ඒ වගේම ගොඩාක් ලොකු දැනීමක් , පුහුනුවක් නැති උනත් 
Relational Database Management System (RDBMS) එක්ක වැඩ කරන් යන්න පුලුවන්.(මේ ගැන වැඩි විස්‍තර පස්සෙ කියලා දෙන්නම්)
ජනප්‍රිය  relational database management systems ටිකක් 

  • Microsoft Access
  • File maker
  • Microsoft SQL Server
  • MySQL
  • Oracle
කලින් කිව්ව  database  වර්ග අතරින් වැඩිය හොද මොකක්ද කියන ප්‍රශ්නෙ ඔයාලට ඇති. 

ගෙදර හෝ office එකේ පොඩි database එකකට  Microsoft Access or File maker හොඳයි .   website එකකට වගේ database හදනවනම් ගොඩක් හොදයි  SQL Server, Oracle, or MySQL වගේ  වඩාත් සංකීර්ණ  එකක් භාවිතා කරනවානම් .

ඊලග  post එකේදි  DBMS වර්ග ගැන තවදුරටත් ඉගෙන ගමු.

--පියුමි--



3 comments: