Monday, November 2, 2020

Blender Sinhala Tutorial - Doughnut - Part1

Blender වල ගොඩක් famous tutorial  එකක් තමයි මේ doughnut එකක් හදන එක. ඉතින් මමත් එක ඔයාලට කියලා දෙන්න හිතුව.



මුලින් ඉතින් blender open කරගන්න. ඊට පස්සේ එන cube එක delete button එක ප්‍රෙස් කරල ඩිලීට් කරගන්න. ඊට පස්සේ Shift + A click කරන්න. ඊට පස්සේ එන menu එකෙන් Torus තෝරන්න. මොකද doughnut එකකට සමාන shape එකක් තියෙන්නේ torus එකට නිසා.

Torus මෙන්න මේ ආකාරයෙන් තමයි දිස් වෙන්නේ.


දකුණු පැත්තෙ තියෙන menu එකේ ඔයාට පේනවා major radius සහ minor radius කියලා දෙකක් තියේනවා.


Major radius කියන්නේ torus එකේ පිටින්ම තියන රවූමේ radius එක.

Major radius = 1.24 

Minor radius කියන්නේ torus එකේ ඇතුළතින් තියන රවූමේ radius එක.

Minor radius = 0.40 

ඉතින් මේ radius දෙක වෙනස් කරමින් doughnut එකක shape එකක් create කරගන්න. මේ තියෙන්නෙ මං හදාගත්ත  ඩෝනට් එක.



හැබැයි මේක තාම doughnut එකක් වගේ නම් නැහැ. මොකද smooth ගතියක් නැහැ තාම. ඒත් smooth ගතිය ගොඩක්මත් වැඩි කරන්න බැහැ අපිට. මොකද smooth ගතිය වැඩි වෙන්න වෙන්න process කරන්න යන වෙලාව වැඩි වෙන නිසා.smooth ගතිය වැඩි කර ගන්න පුළුවන් මේ දකුණු පැත්තේ පහල තියෙන segments ගාන වැඩි කරලා.

කොහොම නමුත් මම segments ගාන මේ ආකාරයෙන් තියා ගන්නවා.

Major segments = 28 |  Minor segments =10


ඉතින් පොස්ට් එක තවත් දික් වෙන නිසා අදට නවතිනවා. ඊලග කොටසින් හම්බ වෙමු.


-Hasini Senanayaka-


1 comment:

  1. මේ tutorials download කරන්න බැරිද?

    ReplyDelete