Sunday, November 22, 2020

Java Programming sinhala tutorial - Passing an Array into a Method - Part 19

Passing an Array into a Method

    අපි කලින් ලිපියෙන් arrays ගැන දැන ගත්තනේ. අද අපි බලමු method එකකට කොහොමද array එකක් යවන්නේ එහෙමත් නැත්තම් pass කරන්නේ කියලා.

    Method එකකට array එකක් pass කිරීම සදහා method එකට call කරන statement එකෙහි argument සදහා array address එක එහෙමත් නැත්තම් array name එක ලියනු ලබයි. Method එකේ parameter සදහා array reference variable එකක් නිර්මාණය  යුතු වේ.


Method Call by Value vs Reference

    Method එකට call කරන statement (method calling statement) එකෙහි argument සදහා array එකක variable යෙදු විට එම variable එකේ value එක පමණක් method එකට pass වේ. මෙමගින් array එකට බලපෑමක් ඇති නොවේ.



    Method calling statement එකෙහි argument සදහා array එකේ  address එක එහෙමත් නැත්තම් array name එක යෙදු විට  array එක modify කල හැක. ඊට හේතුව වනුයේ method එකට යැවු array address එකම method එක විසින් භාවිතා කරන නිසාත් එම array address එක එකම array object එක refer කිරීමත්ය.



තවත් Java ගැන ඉගෙන ගන්න ඊලග ලිපියෙන් හමුවෙමු.

- චමෝදි -

0 comments:

Post a Comment