Sunday, September 30, 2018

මොකක්ද මේ cloud computing කියන්නෙ ???

 

අපි මුලින්ම බලමු මොකක්ද cloud කියන්නෙ කියල. Cloud එකක් කියන්නෙ නොයෙක් විදියෙ hardware සහ software ගොඩකට….. 
දැන් අපි බලමු මොකක්ද මේ cloud computing කියන්නෙ කියල. Cloud computing කියන්නෙ පහසුවෙන්ම data store කරන්න, manage කරන්න සහ process කරන්න හැකියාවක්  තියෙන internet remote server එකක්. 

සරලවම කියනවනම් internet use කරල cloud computing මගින් ලබා දෙන services තමයි servers, databases, networking, software සහ analytics කියන්නෙ. මේ නිසා ඔයාලට data store කරන්න local pc ඕනේ  නැත.

මේ Cloud computing ලබා දෙන companies තියෙනවා. ඒවා තමා cloud providers කියල කියන්නෙ.
උදාහරණ: AWS, Microsoft Azure, DigitalOcean

ඔයාලට අවශ්‍ය service එක ගත්තට පස්සෙ, එම service එක use කරපු විදියට තමයි ඔයාලට pay කරන්න වෙන්නෙ. (Water bill, electricity bill pay කරනව වගෙ.) ඒ නිසා ඔයාලට hardware, software වලට ලොකු වියදමක් යන්නෙ නැ. Cost එක අඩු වීම, speed එක වැඩි වීම, performance, reliability වගෙ ඒව තමා cloud computing වල තියෙන වාසි වෙන්නෙ.

ගොඩක් Cloud computing services අපිට ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්. ඒ තමයි
 IaaS - Infrastructure as a Service
 PaaS - Platform as a Service
 SaaS - Software as a Service

හැම cloud එකම එක වගෙ නැ. මෙවා deploy කරන විදියෙ අනුව public, private, hybrid කියල බෙදන්න පුලුවන්. 

Public cloud එකක් කියන්නෙ හැම hardware එකේම සහ software එකේම services ඕනෑම කෙනෙකුට ගන්න පුළුවන් වීමයි. මෙම services ගන්න අපිට account ඕන වෙනවා.
උදාහරණ: gmail

Private cloud එකක් කියන්නෙ යම් කිසි organization එකකින් හෝ business එකකින් විතරක් use කරන resources තියෙන එකකට.

Hybrid කියන්නෙ මේ public, private කියන දෙකම තියෙන cloud. මේ වෙන කොට ගොඩක් companies පාවිච්චි කියන්නෙ hybrid cloud computing. මේ නිසා companies වලට පුළුවන් අතිශය රහසිගත data private විදියටත්, public data public විදියටත් save කරන්න පුළුවන්.

දැන් ඔයාල බලනවා ඇති මේ cloud computing වල data store කරන එක safety ද කියල. ඇත්තටම ඔව්. 100% මේ data ආරක්ෂා වෙනවා.

මේ හේතු නිසා අද වෙන කොට ගොඩක් companies මේ cloud computing පාවිච්චි කරන්න පටන් අරන් තියෙනවා.

---ඉෂාරා---


Wednesday, September 26, 2018

මොනවද මේ CD, DVD, VCD සහ Blue-Ray?

        CD, DVD, VCD යන මේ තැටි සංයුක්ත තැටි ලෙස පොදුවේ හදුන්වන්නට පුළුවන්. ඒ ඒවා නිපදවන්නේ එකම තාක්ෂණයකට අනුව නිසාය. වෙනස තිබෙන්නේ එහි තොරතුරු ගබඩා කරන ආකාරය අනුවය.

        සංයුක්ත තැටියක් CD තැටියක් කියා හදුන්වන්නේ "Compact Disc " යන වචන දෙකින් "C" සහ "D" යන අකුරු දෙක ගැනීමෙනි. DVD  යනු "Digital Versatile Disc" හෝ "Digital Video Disc" ය. VCD  යනු "Video Compact Disc"  ය.

             මේ හැම තැටියක්ම තැනී තිබෙන්නේ ප්ලාස්ටික් තට්ටු දෙකක් අතරට ඉතා පිරිසිදු තුනී ඇලුමිනියම් තහඩුවක් රැදවීමෙනි. තොරතුරු දීර්ඝ කාලයක් රදවාගැනීමට අවශ්‍ය නම් මේ තහඩුව රත්තරන් වලින් නිමවා ගනී. තැටියේ මතුපිට ඇත්තේ තුනී ඇක්‍රිලික් ප්ලාස්ටික් තට්ටුවකි. යට පැත්තේ ඇත්තේ ඝන පොලිකාබනෙට් ප්ලාස්ටික් තට්ටුවකි.

       තැටියේ තොරතුරු ගබඩා කරන්නේ ඇලුමිනියම් තහඩුව මත වළයාකාරව කුහර(pits) ඇති කිරීමෙනි. මෙම කුහරයක් අඩු තරමින් නැනෝ මීටර් 100ක් ගැඹුරුය. නැනෝ මීටර් 500ක් පළලය. එහෙත් අඩංගු කරන තොරතුරු අනුව මේ කුහර වල පළල හා ගැඹුර ස්වල්ප ලෙස වෙනස් වේ. වළයන් පිහිටි කුහර දෙකක් අතර දුර මයික්‍රෝ මීටර් 1.6ක් පමණ වේ. කුහර දෙකක් අතර කොටස හදුන්වන්නේ නෙරුමක්(lands) ලෙසය.

         CD තැටි වල තිබෙන නෙරුම් දෙකක් අතර පරතරය(1.6μm) ගත් විට CD තැටියක නෙරුම් දෙකක් අතර දුරට වඩා DVD තැටියක නෙරුම් දෙකක් අතර දුර(0.74μm) අඩුය. Blue-Ray තැටි වල තිබෙන නෙරුම් දෙකක් අතර පරතරය (0.32μm)වේ. එනම් වැඩියෙන්ම තොරතුරු ගබඩා කර හැක්කේ Blue-Ray තැටිවලය.


        CD තැටියක ගබඩා කල තොරතුරු කියවන්නේ එහි යට ඇති පොලිකාබනෙට් තට්ටුව මතට විදිනු ලබන 780μm තරංග ආයාමය සහිත අධෝරක්ත ආලෝක ධාරාවක් මගිනි. මෙය තැටියකට වැදුණු විට එය පරාවර්තනය වෙන්නේ තැටියේ ඇති නෙරුම් හා කුහර වල රටාව අනුවය. ඒ පරාවර්ථීය රටාව ප්‍රතිග්‍රහණය කරන්නේ  සීඩී රයිටරයේ ඇති සංවේදකයයි.  ඉන්පසු එය පරිගණය වෙත යොමු කරයි. එවිට එහි ඇති පරිපථ මගින්  එහි ගබඩා වී ඇති තොරතුරු  කියවිම කරනු ලබයි. DVD තැටියක තොරතුරු කියවීමට යොදා ගනු ලබන්නේ 650μm තරංග ආයාමය සහිත රතු ආලෝක ධාරාවකි. එසේම Blue-Ray තැටියක තොරතුරු කියවීමට යොදා ගනු ලබන්නේ 405μm තරංග ආයාමය සහිත නිල් ආලෝක ධාරාවකි. 


(චායාරූප අන්තර්ජාලය ඇසුරිනි)

        මේ සාමාන්‍ය තැටි වල විස්තරයි. ඒවා ස්ථීරවම තොරතුරු ගබඩා කොට ඇති ඒවා හෙවත් ROM (එනම් CD ROM සහ DVD ROM)ය. එහෙත් එක වරක් තොරතුරු ලිවිය හැකි හෙවත් R(එනම් CD R සහ DVD R) සහ නැවත තැවතත් තොරතුරු ලිවිය හැකි හෙවත් RW (එනම් CD RW සහ DVD RW) මාදිලියේ තැටි වල තොරතුරු ලිවීමට ඇලුමිනියම් තහඩුවක් නොව, වර්ණ රසායන ද්‍රව්‍යයක්  හෙවත් ඩයි තට්ටුවක් යොදා ගනී.  CD හෝ DVD රයිටරයෙන් නික්මෙන ආලෝක කදම්බය හමුවේ රත් වෙන මෙම ඩයි තට්ටුවේ තැනෙන වළයාකාර කුහර ඇසුරෙන් එම තැටි වල තොරතුරු ගබඩා කෙරේ. මෙහිදී වර්ණ වශයෙන් සයනින් (cyan-ine) යොදාගත් තැටි කොළ පැහැතිය. තැලෝ සයනින්(pthalo-cyanine) යොදාගත් තැටි කහ/රන් වන්  පැහැතිය. නිල පාටින් ඇත්තේ මෙටල් ඇසෝ (metal-azo) වර්ගයේ ඩයි යෙදූ තැටිය. 

Java Programming sinhala tutorial - Introduction - Part 1

Introduction

      Java Language යන්න අපට සරලවම පරිගණක භාෂාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම Java language එක මිනිසුන්ට කියවීමට හා ලිවීමට හැකි නිසා එය  high-level language එකක් ලෙස ද හඳුන්වනවා. එමගින් programmer ට පුළුවන් English-base commands ලෙස පරිගණකයට instruction ලබා දීමට.

      මුලින්ම අපි Java program එකක් run වෙන්නේ කොහොමද කියලා බලමු. Programmer විසින් ලියනු ලබන high-level instruction එසේ නොමැති නම් source code එක save කර compile කල විට hard disk එකේ සිට RAM එකට load වන source code එක compiler විසින් object code එකක් බවට පත් කරයි. Interpreter මෙම object code එක machine code එකක් බවට පත් කරයි. Programmer මෙම file එක execute කල විට Java program එක run වේ.

      Compiler විසින් ලබා දෙන object code එක O/S එක අනුව වෙනස් නොවන නිසා ඕනෑම O/S එකක සිට මෙම object code එක execute කිරීමේ හැකියාව පවතී. එම නිසා Java language එක platform independent language එකක් ලෙස ද හදුනාගන්න පුළුවන්.

      මුලින් ම අපි hello world program එකක් නිර්මාණය කරලා run කරන්නේ කොහොමද කියල බලමු.

පළමුව අපි source code එක notepad  එකක save කර ගන්න ඕනෙ. Code එක save කර ගන්නා විට .java ලෙස extension එක ලබා දෙන්න.



ඊළඟට අපි නිර්මාණය කර ගත් source code එක compile කර ගනිමු.
(javac HelloWorld.java ලෙස type කරන්න.)



අවසානයේ දී compile කිරීමෙන් ලැබුණු file එක execute කර ගනිමු.
(java HelloWorld ලෙස type කරන්න.)


- චමෝදි -