Friday, October 26, 2018

MongoDB sinhala tutorial part -1



අද මං කියලා දෙන්නම් Document oriented database type එකක් වෙච්ච MongoDB ගැන.
MongoDB කියන්නෙ NoSQL  database ගණයට අයිති  database එකක්.NoSQL
කියන්නෙ MySQL,SQL අයිති relational database  වලට වඩා advanced database වර්ගයක්.මේ MongoDB database කියන්නෙ අපි store  කරන data documents විදියට store කරන syntax තියෙන database වර්ගයක්.   MySQL,SQL වගේ  relational database වල data store  කරන්න කලින් fields, data types   අනුව map  කරන්න ඕනි වුණාට  MongoDB  වගේ NoSQL  database  වලදි එහෙම   map කරන්න/sachems වලට වෙන් කරන්න   ඕනි නෑ.  MongoDB  වල තියන වාසි තමයි ලොකු data  ප්‍රමාණයක් එක්ක වැඩ කරන්න පහසුයි මොකද documents  විදියට data store කරලා තියන හින්දා.ඒ වගේම relational database වලට වඩා වැඩි වේගයකින්(speed) වැඩ කරන්න පුලුවන්.
දැන් අපි බලමු  use   කරන  platform එකට අදාලව MongoDB  download කරගන්නෙ කොහොමද කියලා.
මුලින්ම "Download mongodb " link එකට ගිහින් ඔයාගෙ platform එක select  කරලා 
 download  දෙන්න.





























මේ විදියට  download කරන්න.
ඊට පස්සෙ mongodb  වලට අදාල path එක Environment variable වලට ගිහින් set  කරන්න ඕනි  .ඒකට mongodb store  වෙලා තියන තැනට අදාල  path එක copy කරගමු මුලින්ම.ඒකට mongodb store  වෙලා තියන තැනට අදාල  path එක copy කරගමු මුලින්ම.මගෙ store  වෙලා තියෙන්නේ C drive එකේ Program files වල MongoDB කියන  folder එක  ඇතුලෙ.


path එක copy  කරගෙන This PC  වල Properties වලට ගිහින් Advance System Settings   වල Environment variable select කරලා copy කරගත්ත  path එක  set කරන්න.








Environment variableවල user variable  එකේ  path එක select කරලා Edit ගිහින් copy කරගත්තු එක paste කරලා Ok  කරන්න.අනිත් ඔක්කොමත්  Ok  කරගෙන යන්න. දැන් ඔයාලා  mongodb  වලට ready..



මෙච්චර වද විදින්නෙ නැතුව cmd එකේ ' path=  'කියලා  copy කරගත්තු path එක paste කරලා enter කරානම් ඒත් හරි.
මේ කො‍යි විදියට කලත්  cmd එකේ 'mongod' කියලා type කරාම මේ විදියට mongodb server  එක open වෙනවා.

MongoDB install කරද්දි කරන්න තියෙන්නෙ එච්චරයි.ඊලග post  එකෙන්  MongoDB  syntax ගැන වැඩි දුරටත් කියලා දෙන්නම්.

--පියුමි --

Serverless Computing With AWS Lambda- Part 2


අද අප තවදුරටත් බලමු AWS Lambda පිළිබදව සහ serverless computing පිළිබදව.....

AWS Lambda කියලා කියන්නේ  Amazon වලින් implement කරලා තියෙන serverless computing platform එකක්...  EC2 සහ S3 කියන්නේ ඒ වගේ implement කරලා තියෙන serverless computing platform. AWS Lambda වලින් ඔයාලගේ code එක encrypts කරලා S3 වල ගබඩා කරනවා.ඔයාලා function එකක්  run කරන්න request කලාම, runtime specifications පාවිච්චි කරලා "container" හදනවා. ඉන් පසුව EC2  වල instance එකක එම container deploy කරලා, function එක execute කරනවා....

පහතින් පෙන්වා දෙන්නේ AWS Lambda execute වන process එක.....


(චායාරූප අන්තර්ජාලය ඇසුරිනි)

ඔයාලා Lambda function එකක් create කලාට පසු  runtime environment එක, කොච්චර memory ප්‍රමාණයක් ඕන වෙනවද,  execute කරන method එක වගේ ඒවා  AWS Lambda වල configure කරන්න ඕන වෙනවා.  ඉන් පසුව AWS Lambda මගින් ඔයාලගේ configuration එක container එකක setup කරලා, එම container එක EC2 instance එකක deploy කරනවා.... ඊට පස්සේ ඔයාලා කියපු method එක අනුව execute කිරීම සිදු වෙනවා...


Lambda functions හදන්න මෑතකදී ඉදන් පාවිච්චි කරන්නේ Node, Java, Python කියන languages තමයි... අපි මේ article  එකේදී කතා කරන්නේ java වලින් ලියන්නේ AWS Lambda function කොහොමද කියලා....  AWS Lambda වල run කරන්න code එකක් ලියනකොට අපි ඒක හදුන්වනවා function එකක් කියලා.

AWS Lambda functions in Java

ඔයාලට Lambda functions implement කරන්න පුලුවන් ආකාර 2ක් තියෙනවා.

1. client විසින් ලබා දෙන input stream එක අනුව client වෙත output stream එක ලබා දෙන ආකාරයේ function implement කරන්න පුලුවන්.

2.මෙහිදී predefined interface පාවිච්චි කරන්න පුලුවන්. මේකෙදී වෙන්නේ client විසින් ලබා දෙන input stream එක object එකක් බවට convert වෙලා අදාල function එකට pass කරනවා. ඊට පස්සේ එම function එක execute වෙලා output එක client වෙත ලබා  දෙනවා.

මම දෙවනුව කියපු ක්‍රමය තමා functions implement කරන කොට ගොඩක් ලේසී වෙන්නේ...

Java වලින් කරද්දී මුලින්ම පහත තියෙන AWS Lambda core library එක ඔයාලගේ project එකේ include කර ගන්න ඕන වෙනවා.(සටහන:example uses Maven)

public interface RequestHandler<I, O> {
    /**
     * Handles a Lambda function request
     * @param input The Lambda function input
     * @param context The Lambda execution environment context object.
     * @return The Lambda function output
     */
    public O handleRequest(I input, Context context);
}
ඊලගට  interface implement කරන්න ඕන වෙනවා....
public interface RequestHandler<I, O> {
    /**
     * Handles a Lambda function request
     * @param input The Lambda function input
     * @param context The Lambda execution environment context object.
     * @return The Lambda function output
     */
    public O handleRequest(I input, Context context);
}
 මේ interface එක RequestHandler. එකේ define කරලා තියෙන්නේ එක method එකයි:handleRequest().. මේකෙන් input object එකක් සහ Context object එකක් input stream විදියට pass කරනවා.. ඒ වගේම output එක විදියට object එකක් return කරනවා.
Context object එකෙන් තමයි ඔයාලගේ function එක ගැන information ලබා දෙන්නේ. ඒ වගේම function එක  run වෙන  environment (function එකේ නම, function එකේ memory limit) එක ගැනත් information ලබා දෙනවා.

උදා: ඔයාල Request class සහ Response class එක define කරලා ඔයාලට පුලුවන් පහත අයුරින් lambda function එක implement කරන්න. 
public class MyHandler implements RequestHandler<Request, Response> {
  public Response handleRequest(Request request, Context context) {
    ...
  }
}

දැන් අපි මේ Lambda function ගැන ටිකක් දන්නවනේ..... ඒ නිසා අපි මේ Lambda function implement කරන එක ගැන තවදුරටත් ඊලග articles වලදී කතා කරමු....


---ඉෂාරා---

Wednesday, October 24, 2018

Blender Sinhala Tutorial-Object transformation

      අද පොස්ට් එකින් කතා කරන්නේ  object  එකක් transform කරන්නේ කොහොමද කියල. object එකක්  transform  කරන ක්‍රම 3ක් තියෙනවා. ඒවා තමයි translating, rotating , scaling  කියන්නේ. object එකක්  transform කරන්නේ මේ පහල තියෙන  manipulator handlers වලින්.


       සාමාන්‍යයෙන් select  වෙලා තියෙන්නේ දිශාවල් 3 දැක්වෙන ඊ හිසවල් තුන. ඒ කියන්නේ translate handler එක. එම ඊ හිසවල් තුනේ රතු පැහැයෙන් X අක්ශයත් කොළ පැහැයෙන් Y අක්ශයත් නිල් පැහැයෙන් Z අක්ශයත් දක්වනු ලබනවා. වස්තුවේ ඇති මෙම ඊතලයක්  click  කර  drag කිරීමෙන් වස්තුව එම දිශාවට චලනය කරගත හැක.

        3D view  එකේ පහල manipulator පාලනය කරන button  පහක් බලාගන්න පුළුවන්. ඒවා පිලිවෙලින්

  • toggle on/off 
  • translate
  • rotate 
  • scale 
  • orientation 



පලවෙනි button  එකින් manipulator එක  on and off කරන්න පුළුවන්.

manipulator off-මෙම අවස්ථාවේදී වස්තුව චලනය කිරීමට අදාල ඊතල අක්‍රිය වේ. මැද ඇති ඝනකය නිරීක්ෂණය කරන්න. 

                 manipulator on - මෙම අවස්ථාවේදී වස්තුව චලනය කරන්න පුළුවන්.
ඊ හිසක් සහිතව දැක්වෙන්නේ දෙවෙනි button එකයි.  එය translate handler  නමින් හදුන්වනවා. එමගින් අක්ෂ තුන ඔස්සේ වස්තුවක් චලනය කරන්න පුළුවන්.(click  කර  drag කිරීම මගින් )

3 වෙනි button  එක rotation handler එකයි. එමගින් අක්ෂ තුන ඔස්සේ වස්තුවක් බ්‍රමණය කිරීම සිදු කරනු ලබනවා.

4 වෙනි button  එක scale handler නම් වේ. එමගින් වස්තුවක දිග, පළල සහ උස වෙනස් කරගන්න පුළුවන්.

එක පාර handles  දෙකක් හෝ වැඩි ගානක් අවශ්‍ය නම්  shift key  එකත් සමග handlers භාවිතා කරන්න.


මෙම  manipulators වලට අදාල  hotkeys  වන්නේ

  • “g” -  translate (grab)
  • “r” - rotate
  • “s” - scale


        මේ  transformations  එක අක්ෂයකට පමණක් සීමා කිරීමට transformation එක කරන අතරතුරදීම  x, y, z keys press කිරීමෙන් කරන්න පුළුවන්.

        ඒ වගේම මේ transformation එක අක්ෂ දෙකට සීමා කිරීමට  shift  එකත් සමග අත හරින්න අවශ්‍ය අක්ෂය  click  කිරීමෙන් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ඝනකයක් උඩට පහලට නොයා පොලව මත චලනය කිරීමට අවශ්‍ය නම් g+SHIFT+z පාවිච්චි කරන්න පුළුවන්.


3D cursor

        3D view එක මත left click  කිරීමෙන් 3D Cursor එක එහා මෙහා චලනය කරන්න පුළුවන්.


       3D Cursor එක දිස් වන්නේ මේ ආකාරයෙන් වේ. මෙය භාවිතා කරනු ලබන්නේ 3D space එක තුල වස්තු ස්ථානගත කිරීමටයි. අලුත් වස්තුවක් නිර්මාණය වනු ලබන්නේ 3D Cursor එක මධ්‍යයේය.

       ඉතින් මං හිතනවා අද මේ පොස්ට් එකින් වස්තුවක් චලනය කරන්නේ කොහොමද කියල ඉගෙන ගන්න ඇතියි කියලා. ඊළග පොස්ට් එකින් අපි කථාරමු blender වල තියෙන  editors  මොනවද කියල.


 -Hasini Senanayaka-


Tuesday, October 23, 2018

HTML For Beginners - Part 4

HTML Headings, Lines, Comments සහ Elements

අද පාඩමෙන් අපි තවදුරටත් HTML වල පුංචි කරුණු ටිකක් ඉගෙනගන්න යන්නේ. මේ දේවල් මතක තියාගන්න වගේම භාවිතා කරන්නත් හරිම ලේසියි. ඒ නිසා අද පාඩමෙන් කරුණු ගොඩක් ගැන කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා.

  •          HTML Headings

අපි මුලින්ම කතා කරමු HTML Headings ගැන. Headings කියන්නේ මාතෘකා කියල කවුරුත් දන්නවනේ. HTML files වලදී Headings පෙළගස්සන්න පුළුවන් ඒවායේ තියෙන වැදගත්කම අනුව. ඒ අනුව HTML Headings වර්ග හයක් තියෙනවා. ඒවත් Tags වලින්ම තමයි පෙන්වන්නේ. <h1>, <h2>, <h3>, <h4>, <h5> සහ <h6> කියන Tags ගැන තමයි අපි මේ යටතේ කතා කරන්නේ.  
පුරුදු විදියටම අපි HTML document එකක් හදාගෙන මේ Headings ගැන දැනගනිමු. දැන් HTML document එකක් තනියම හදාගෙන run කරලා බලන්න හැමෝටම පුළුවන් නේද? බලමු අපි කොහොමද Headings ටික Type කරගන්නේ සහ ලැබෙන Outputs ටික මොන වගේද කියල.


මේ වගේ Outputs ටිකක් තමයි අපිට ලැබෙන්නේ. Heading 1 වල ඉඳලා Heading 6 වෙනකල් යද්දී Text එකේ ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙමින් යනවා අපිට දකින්න පුළුවන්. ඒ වගේම Heading 6 එකේ ප්‍රමාණය Paragraph එකටත් වඩා කුඩා බව පෙනේවි. ඒක පැහැදිලිව අඳුනගන්න තමයි පහළින්ම Paragraph එකකුත් මම එකතු කලේ. හැබැයි Headings හැමතිස්සෙම Bold වෙලයි තියෙන්නේ.
            නමුත් Text එකක් Bold කරගන්න සහ ටිකක් ලොකු කරගන්න විතරක් Headings යොදාගන්න එක නම් අනුමත කරන්න බැහැ. ඒකට හේතුව තමයි වෙබ් පිටුවක ආකෘතිය (structure) සහ අන්තර්ගතය (content) ලැයිස්තුගත කරගන්න Search engines විසින් Headings යොදා ගනු ලැබීම.
    
  •       Horizontal lines

ඊළගට අපි කතා කරන්න යන්නේ HTML document එකකට තිරස් රේඛා (Horizontal lines) එකතු කරගන්නේ කොහොමද කියන එක ගැනයි. තිරස් රේඛාවක් නිර්මාණය කරගන්න හරිම පහසුයි. <hr /> Tag එක යොදන්න විතරයි තියෙන්නේ අපිට. HTML5 වලදී <hr />, තේමාත්මක කැඩීමක් (Thematic break) විදියටයි සලකන්නේ.
            Headings ගැන පැහැදිලි කරන්න අපි හදාගත්ත Notepad එක Edit කරලා, Paragraph එක Headings වලින් වෙන් කරගන්න Horizontal line එකක් එකතු කරගන්න විදිය අපි බලමු.



            Paragraph එක Horizontal line එකකින් වෙන් වෙලා තියෙන විදිය මෙහිදී පැහැදිලිව දකින්න පුළුවන්.

  • Comments

HTML documents run කරද්දී Browser එක Comments display කරන්නේ නැහැ. නමුත් Document එකට විවිධ විස්තර (Descriptions), මතක් කිරීම් (Reminders) සහ වෙනත් සටහන් එකතු කරන්න මේ Comments අපිට උදව් වෙනවා.
අපි උදාහරණයක් යොදාගෙන මේ ගැන විස්තර බලමු.






           අපි එකතු කරපු Comment එක display වෙලා නැහැ කියල දැන් පේනවා නේද? Comments එකතු කරද්දී මතක තියාගන්න ඕන දෙයක් තමයි Opening tag එකේ Exclamation point (!) එකක් තිබුනට closing tag එකේ ඒක යෙදෙන්නේ නැහැ කියන එක.

  • HTML Elements

අපි දැනටමත් දන්නා විදියට HTML documents හැදිලා තියෙන්නේ HTML elements වලිනුයි. ආරම්භක (start) tag එකක් සහ අවසාන (end) tag එකකුත්, ඒ අතර තියෙන අන්තර්ගතයකුත් (content) මගිනුයි HTML elements ලියනු ලබන්නේ. ගොනු කරන ලද HTML elements (nested HTML elements) වලින් HTML documents සමන්විත වෙනවා.
පහත උදාහරණයේදී අපිට දැකගන්න පුළුවන් body element එක ඇතුලේ <p> tags, <br /> tag එක හා “This is a paragraph” කියන content එක අන්තර්ගත වෙලා තියෙන බව.




මෙහිදී අපි මතක තබාගතයුතු දෙයක් තමයි HTML වල තියෙන සමහර elements ගොඩක් පොඩියි, හරියට <br /> tag එක වගේ. අපි මේ ගැන අපේ තුන්වෙනි පාඩමේදීත් කතා කලා. <br /> tag එකට අපිට content එකක් ඇතුලත් කරන්න බැහැ. ඒ වගේම opening සහ closing tags ඇත්තෙත් නැහැ. ඒක වෙනමම තනි element එකක්.

අද පාඩමේදී අපි HTML headings, horizontal lines, comments සහ HTML elements ගැන තමයි කතා කලේ. මාතෘකා හතරක් උනාට පොඩි දේවල් වගයක්නේ තිබුනේ. ඒ නිසා මතක තියාගන්න අමාරුවක් වෙන්නේ නැහැ. හැමදාම වගේ කියන්න තියෙන්නේ නැවත නැවත කරලා මේ පාඩමත් තහවුරු කරගන්න කියලයි. එහෙනම්, තවත් මේ වගේ පාඩමකින් අපි හමුවෙමු...


-- ලක්ෂිකා ස්වර්ණමාලි --

Blender sinhala tutorial - introduction

මොකද්ද මේ 3D software කියන්නේ?

3D software කියන්නේ ඕනෙම දෙයක් virtually නිරූපණය කරන්න පුළුවන් software එකක්. ඉතින් මෙමගින් ඔයාලගේ හිතේ තියෙන ඕනෙම සිතුවිල්ලකට පන දෙන්න පුළුවන්.  ඉතින් blender  කියන්නෙත් ඒ වගේ software එකක්. හැබැයි මේකේ විශේෂත්වය වෙන්නේ මේක freeware එකක්.

අපි ඉස්සෙල්ලම බලමු  blender  වල interface එක කොහොමද කියලා. සුපුරුදු පරිදි උඩින්ම menu bar එකක් බලාගන්න පුළුවන්. ඊට පස්සේ දෙපැත්තෙන්  සහ පහළින් එක එක ආකාරයේ  option සහිත විවිද palette බලා ගන්න පුළුවන්. මම ඒවා වෙනම  post  එකකින් කියලා දෙන්නම්. අද ප්‍රධානම අංග ටික කියල දෙන්නම්. මේ මැදම තියෙන ප්‍රදේශයට තමයි කියන්නේ 3D viewpoint  එක කියල.ඔයාගේ වැඩ වලින් වැඩි හරියක්ම කරන්න වෙන්නේ මේක ඇතුලේ තමයි.


blender වල නම් අනිත්  3D software  වල වගේ view points ගොඩක් නැහැ. එක නිසා  blender interface එකට සරළ බවක් නම් ලැබිලා තියෙනවා.

මේ තියෙන්නේ මායා වල interface එක. දැන් මේ දෙකේ වෙනස්කම් ඔයාලටම හදුනා ගන්න පුළුවන්නේ.

ඉතින් වැඩක් කරන්න නම් අඩු ගානෙ  object  එකක් එහා මෙහා ගෙනියම හැටිවත් දැනගන්න ඕනනේ. ඒ ටික මම අද කියල දෙන්නම්. තව දෙයක් blender  පාවිච්චි කරද්දී ගොඩක් පහසුයි ඔයාට  mouse  එකක් තිබ්බනම්.

  • zoom කිරීමට - mouse wheel එක උඩට පහලට scroll කරන්න 
  • එක අක්ෂයක් වටා කරකැවීමට (orbit)-  middle mouse button එක හෝ scroll wheel එක Hold කරගෙන drag කරන්න.
  • Pan කිරීමට -  shift button එක hold කරගෙන middle mouse button එක click කරලා drag කරන්න. 
ඒ වගේම  number pad එක භාවිතයෙනුත්  view එක කැමති දිශාවකට භ්රමණය කරන්න පුළුවන්. 

  • Top view: 7
  • Front view: 1
  • Right view: 3


වස්තුවක්  select කර ගන්න අනිත් applications, left mouse click  භාවිතා කරද්දී  blender  වලනම් ඒ වැඩේ කරන්නේ  right click එක. මුලදී නම් ටිකක් නුපුරුදුයි වගේ දැනේවි. එත් පස්සේ හුරුවේවි.

object එකක්  select  උනාම එක තැඹිලි පාටින් දැක්වෙනවා. 3D view point  එකේ තියෙන සියලුම  object select  කරන්න "a"  hotkey එක භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම "a" අකුර නැවත  press  කිරීමෙන්  සියලුම  object deselect  කරන්න පුලුවන්.

ඉතින් තවත් ලිව්වොත් post එක දිග වැඩි වෙන නිසා object movement සහ transformation ඊළග post එකින් කතා කරන්නම්.   


 -Hasini Senanayaka-

Monday, October 22, 2018

HTML For Beginners - Part 3


HTML වල Paragraphs සහ Text Formatting හඳුනාගනිමු


              HTML පාඩම් මාලාවේ අපි දැනට කතා කලේ ප්‍රධාන Tags වර්ග තුනක් ගැන සහ ඒවා යොදාගෙන සරළ HTML File එකක් හදාගන්න විදියයි. අද අපි කතා කරන්න හදන්නේ පරිච්ඡේද (Paragraphs) සහ පාඨ (Texts) නිර්මාණය කරගන්න විදිය ගැනයි.  
            පරිච්ඡේදයක් නිර්මාණය කරගන්න එක හරිම ලේසියි. ඒකට කරන්න තියෙන්නේ ආරම්භක සහ අවසාන <p> Tags දෙකක් ඇතුලත් කරන එක විතරයි. මේ <p> Tags දෙක ඇතුලේ අපිට ඕන කරන පරිච්ඡේදය Type කරගන්න පුළුවන්.
අපි උදාහරණයක් බලමු. මම අපි කලින් හදාගත්ත first.html file එකම Edit කරන්නයි හදන්නේ.


 දැන් අපි මේක කලින් කරපු විදියටම Save කරලා Open කරගෙන බලමු Output එක කොහොමද පේන්නේ කියල.



            මේ විදියට තමයි අපිට Output එක පේන්නේ. Browser එක විසින් ඉබේම (Automatically) පරිච්ඡේදයකට කලින් සහ පසුව හිස් රේඛාවක් (Line) එකතු කරනු ලබන  බවත් අපිට මේකෙදි දැකගන්න පුළුවන්.

ඊළඟට අපි බලමු මේ පරිච්ඡේදයක් ඇතුලේ රේඛා කැඩීමක් (Line Break) හදාගන්නේ කොහොමද කියල අලුත් පරිච්ඡේදයක් ආරම්භ නොකර. මේ සඳහා අපි භාවිතා කරන්නේ <br /> Tag එක. <br /> element එක Empty HTML element විදියටයි සැලකෙන්නේ. ඒකට End tag එකක් ඇත්තේ නැහැ.
අපි දැන් බලමු Line Break එකක් එකතු කලාම අපිට මොන වගේ Output එකක්ද ලැබෙන්නේ කියල. මම පහසුව සලකලා අපි හදාගෙන ආව HTML file එකම Edit කරගෙන යන්නම්. ඕන නම් වෙන වෙනම HTML files හදලත් අපිට run කරලා බලන්න පුළුවන්.



Web browser එක Open කරලා බැලුවම තනි Line break එකක් අපේ පරිච්ඡේදයට එකතු වෙලා තියෙන විදිය අපිට බලාගන්න පුළුවන්.


 දැන් Line break එකෙන් වෙන දේ පැහැදිලියි නේද?


Text formatting කියන්නේ HTML වල තවත් කුඩා කරුණු කීපයක් නිසා ඒ ගැනත් මේ පාඩමේදීම කතා කරමු. HTML වල Text styles වලට අනන්‍ය වුනු Elements ලැයිස්තුවක් තියෙනවා.
මේ Formatting elements නිර්මාණය වෙලා තියෙන්නේ විශේෂිත Text types කිහිපයක් වෙනුවෙනුයි. අපි ඒ මොනවද කියල බලමු. ඒ ගැන නිකම්ම කියවගෙන යනවට වඩා, කලින් වගේ HTML file එකක් හදල, run කරලා එන Output ටික බලල මේක තේරුම් ගන්න ලේසි වෙයි කියල හිතුනා.
එහෙනම් අපි බලමු ඒ ගැන.


 මේකේ Output ටිකත් බලලම අපි වැඩි විස්තර කතා කරමු.


  මේ තමයි අපිට ලැබෙන Output ටික. පරිච්ඡේද වෙන් කරලා තියෙන්නේ Output ටික පැහැදිලිව අඳුනගන්න පුළුවන් වෙන්නයි.
මේ Output වලට අනුව අපිට පෙනෙන දෙයක් තමයි Browser එක  <b> සහ <strong> Tags දෙකත්, <i> සහ <em> Tags දෙකත් පෙන්නන්නේ එකම විදියට බව. කොහොම උනත් මේ Tags වල තේරුම් එකිනෙකට වෙනස්. <b> සහ <i> වලින් කියන්නේ Texts ටික Bold සහ Italic බවයි. ඒ වගේම <strong> සහ <em> Tags වලින් කියන්නේ අදාල Texts “වැදගත්” බවයි.

අද පාඩමෙන් අපි ගොඩක් දේවල් කතා කළා. ඒ හැම දෙයක්ම අයෙමත් කරලා බලන්න මතකයෙන්. එතකොට ඒවා අමතක වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. තවත් අලුත් පාඩමකින් අපි ආයෙමත් හමුවෙමු..


-- ලක්ෂිකා ස්වර්ණමාලි --