Saturday, December 5, 2020

Java Programming sinhala tutorial - Array Search - Part 21

Array Search

    අද අපි බලමු යම් කිසි array එකක දෙන ලද value එකක් තිබේද නැද්ද යන්න හා එම value එක පවතී නම් එය පවතින array index එක කොහොමද සොයාගන්නේ කියලා. සරලවම for loop එකක් භාවිතයෙන් අපිට මේ task එක කරන්න පුළුවන්.


    Array එකෙහි සොයනු ලබන අගය එක් වාරයකට වඩා පවතින විට එම අගය අවසන් වරට පවතින index එක ඉහත ක්‍රමය මගින් ලැබේ.

    පහත ක්‍රමය මගින් array එකෙහි සොයනු ලබන අගය එක් වාරයකට වඩා පවතින විට එම අගය පළමු වරට පවතින index එක ලබා ගත හැක. ඒ සදහා break keyword හෝ return keyword එක භාවිතා කළ හැක.

Using break Keyword
Using break Keyword

Using return Keyword
Using return Keyword

Binary Search

    Binary search ක්‍රමය පිලිවලට සකස් කල array එකක් (sorted array) සදහා පමණක් භාවිතා කල හැක. Array sorting algorithm ගැන අපි ඊළග ලිපියෙන් දැන ගමු. 

    මෙහිදී search කරනු ලබන value එක array එකෙහි භාගයක් සලකමින් නැවත නැවතත් සොයනු ලබයි. search කරනු ලබන value එක array එකෙහි මැද අගයට වඩා අඩු නම් array එකෙහි මුල් භාගය ඊළග වාරයේදී array එක ලෙස සලකනු ලබයි. එසේ නොමැති නම් array එකෙහි අග භාගය ඊළග වාරයේදී array එක ලෙස සලකනු ලබයි.





අපි ඊලග ලිපියෙන් Java sort ගැන විස්තර ඉගෙන ගනිමු.

- චමෝදි -

0 comments:

Post a Comment