Wednesday, November 25, 2020

Java Programming sinhala tutorial - For-each Loop - Part 20

Java Flow Control "For-each Loop"/ "Enhance Loop"

    Loops ගැන කලින් ලිපියක (part 11) විස්තර කරන අතර තුර For-each loop ගැන සදහන් කලත් වැඩිපුර විස්තර මේ ලිපියෙන් අපි අද දැනගමු. මිට කලින් ලිපි 2 මගින් අපි arrays ගැන දැනගත්තානේ. For-each loop භාවිතා කරනුයේ arrays පහසුවෙන් හැසිරවිමටයි. 

    For-each loop එක මගින් එම loop එකේ සදහන් කර ඇති array එකෙහි element වල value, index අනුපිළිවලින්, loop එක run වන වාරයක් පාසා loop body එකට ලබා දෙයි.


    For-each loop එකේදී අනුපිලිවලින් array එකෙහි value, loop එකෙහි variable එකට assign වේ. එම නිසා loop එක තුලදී එම අගයට වෙනස්කම් කලද array එකෙහි element එකෙහි value එකට බලපෑමක් ඇති නොවේ. ඊට හේතුව loop එක තුලදී modify කරනුයේ array element එකෙහි value එක පමණක් සහිත වෙනත් variable එකක් නිසාය.


    For-each loop එකෙහි variable type එක array එකෙහි array type එකට ගැලපීමට අවශ්‍ය වේ. එනම් loop එකෙහි variable එහෙහි data type එකෙහි range එක, array type එහෙහි range එකට වඩා විශාල හෝ සමාන විය යුතුය.



    For-each loop එකෙහි variable එක loop එක නිර්මාණය කරන විටම නිර්මාණය කල යුතු වේ.



අපි ඊලග ලිපියෙන් Java ගැන තවත් විස්තර ඉගෙන ගනිමු.

- චමෝදි -

0 comments:

Post a Comment