Sunday, November 15, 2020

Java Programming sinhala tutorial - Java Arrays - Part 18

 Java Arrays

    එකම data type එකේ variable කිහිපයක් single unit එකකින් represent කිරීමට java arrays භාවිතා කරයි. Program එකකදී int x0, x1, x2, x3; ලෙස command එක ලියු විට memory එක x0, x1, x2, x3 සදහා වෙන වෙනම space වෙන් කරයි. (variable stack එකේ වෙන වෙනම space වෙන් කරයි)

    මෙසේ නිර්මාණය කරන variable වෙන් වෙන් වශයෙන් පවතින නිසා loop එකකදී body එක run වන වාරය අනුව variable වෙනස් කළ නොහැක. 


මෙම ගැටලුව විසදීම සදහා java arrays නිර්මාණය කරයි.

ඉහත දක්වා ඇති command එක පරිදි x[0], x[1], x[2], ... ලෙස variable 10 ක් නිර්මාණය කල හැක.


    x යනු array name එක වේ. x හි array reference address එක store වන අතර array එකෙහි element වල value store කල යුතුය.


Memory Representation of an Array

    Array එකක් int[] x; හා x = new int[5]; ලෙස command 2 කින් නිර්මාණය කල හැක. මෙහිදී int[] x; command එක මගින් variable stack එකෙහි x නමින් reference variable එක තුල array address එක store  වේ. x = new int[5]; command එක මගින් memory heap එක තුල variable 5 ක් නිර්මාණය වන අතර එයට අදාල array address එක x නම් reference variable එක තුල store වේ.


Define an Array

  1. int[] x;   ➤   variable stack එකෙහි x නමින් reference variable එකක් නිර්මාණය වන අතර එහි reference address එක store  වේ.
  2. x = new int[5];   ➤   memory heap එක තුල variable/ element 5 ක් නිර්මාණය වන අතර x නම් reference variable එක තුල ඊට අදාල reference value එක store වේ.
  3. x[0] = 25;   ➤   x නම් reference variable එකෙන් refer කරනු ලබන address එකට අදාල 0 index එක තුල 25 value එක store වේ.

Array Reference & Constructions

    පහත පරිදි array declaration හා array construction කල හැක. 


Default Value

    Array object එකක් නිර්මාණය කරන විටදීම එය initialization වේ. එලෙස array element වලට store වන්නේ array object එකේ data type එකට අදාල default value එක වේ.

Array Length

    ඕනෑම array එකකට size එකක් පවතී. Size එක යනු එහි variable/ element ගණන වේ. මෙය runtime සොයා ගැනීම සදහා array_name.length ලෙස command කල යුතුය. මෙය predefine variable එකකි.


Array Index Error

    Array එකකට size එක compile කිරීමේදී සැලකිල්ලට නොගනී. Array එකක index එක 0 සිට array size එකට (variable ගණනට) වඩා 1ක් අඩු වන සංඛ්‍යාව දක්වා පවතී. Runtime array index ලිවීමේදී මෙය පිලිබදව සැලකිලිමත් විය යුතු වේ.


Array Reference Type

    Array එකක් නිර්මාණය කිරීමේදී array type එක array reference type එකට අනිවාර්යෙන්ම සමාන විය යුතු වේ.

Casting

    Primitive types හා reference types variable භාවිතයේදී පහත example එකේ පරිදි casting ගැන සැලකිලිමත් විය යුතු වේ.


Maximum array size and array index types

  • උපරිම array size එක int data type එකෙහි උපරිම අගය වේ. (2,147,483,647)
  • Array size එක සෘණ අගයක් ලෙස ලබා දුන් විට සෘණ ලකුණ නොසලකා එය ධන අගයක් ලෙස සලකයි.
  • Array size එක සදහා දශම සංඛ්‍යා ලබා දිය නොහැක. ඊට හේතු වනුයේ array size එකෙහි ප්‍රමාණයට අනුව array එකට අදාල variable නිර්මාණය කරන නිසාය.
  • Array index සදහා byte, short, int, char data type පමණක් භාවිතා කල හැකි අතර long, float, double, boolean data type භාවිතා කල නොහැක.

තවත් Java ගැන ඉගෙන ගන්න ඊලග ලිපියෙන් හමුවෙමු.

- චමෝදි -

0 comments:

Post a Comment