Tuesday, November 24, 2020
Wednesday, November 4, 2020
Game Development - JmonkeyEngine - Adding GUI
මේ පහළ තියෙන්නේ interactive scientific demo එකක්. එකේ 3D viewer එකක් UI ඇතුලේ embed කරලා තියෙනවා.
![]() |
| Code city - Used to visualize source code 3 dimensionally. |
SimpleApplication හි කැමරාව mouse එක මගින් වෙනස් කරන්න පුළුවන් උනත් swing application එකක එහෙම කරන්න බැහැ. ඒ නිසා වෙනම camera action එක define කරන්න ඕනේ මේ වගේ.
public void simpleInitApp() {
// activate windowed input behaviour flyCam.setDragToRotate(true); // Set up inputs and load your scene as usual ... }
මෙහිදී වෙනස් වන ප්‍රධාන දෙය වන්නේ main() method එකය. අපි සුපුරුදු විදියට start() method එක call කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි Runnable() එකක් හදල ඒකින් Swing jFrame නිර්මාණය කරනවා.ඊට පස්සේ jFrame එකට Canvas එකක් එකතු කරලා startCanvas() මගින් game එක run කරනවා.
Swing එක thread-safe නැහැ. ඒ නිසා canvas එකත් up-to-date නැහැ. ඒ නිසා තමයි runnable එකක් යොදා ගන්නේ.
public static void main(String[] args) { java.awt.EventQueue.invokeLater(new Runnable() { public void run() { // ... see below ... } }); }
Here in the run() method, we start the jME application, create its canvas, create a Swing frame, and add everything together.
com.jme3.system.AppSettings වලින් Swing panel එකේ size එක specify කරන්න ඕනේ.
AppSettings settings = new AppSettings(true); settings.setWidth(640); settings.setHeight(480);
මෙහෙම තමයි canvas එකක් හදන්නේ. com.jme3.system.JmeCanvasContext මගින් canvas එක configure කරගන්න පුළුවන්. setSystemListener() මගින් canvas එක අදාළ events(creation , destroy, update) Listener එකට යැවීම සිදු කරනවා..
SwingCanvasTest canvasApplication = new SwingCanvasTest();
canvasApplication.setSettings(settings);
canvasApplication.createCanvas(); // create canvas!
JmeCanvasContext ctx = (JmeCanvasContext) canvasApplication.getContext();
ctx.setSystemListener(canvasApplication);
Dimension dim = new Dimension(640, 480);
ctx.getCanvas().setPreferredSize(dim);මෙහම තමයි jFrame එකක් හදන්නේ.
JFrame window = new JFrame("Swing Application");
window.setDefaultCloseOperation(JFrame.EXIT_ON_CLOSE);ඊට පස්සේ JPanel එකක් create කර ගන්න ඕනේ JFrame එක ඇතුලේ.
JPanel panel = new JPanel(new FlowLayout()); // a panel
// add all your Swing components ...
panel.add(new JButton("Some Swing Component"));
...
// add the JME canvas
panel.add(ctx.getCanvas());JPanel එක JFrame එක ඇතුලට add කරන්නේ මේ විදියට.window.add(panel);
window.pack();
window.setVisible(true);application එක start කරන්න startCanvas() method එක call කරන්න ඕනේ.
canvasApplication.startCanvas();මේ පහල තියෙන්නේ full code එක. එහෙනම් compile කරලා බලන්නකෝ. මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් පහලින් comment එකක් දාන්න. එහෙනම් මම නවතිනවා. අලුත් පෝස්ට් එකකින් හම්බ වෙමු.
package hello3D.test;
import com.jme3.app.SimpleApplication;
import com.jme3.material.Material;
import com.jme3.scene.Geometry;
import com.jme3.scene.shape.Box;
import com.jme3.math.ColorRGBA;
import com.jme3.app.LegacyApplication;
import com.jme3.system.AppSettings;
import com.jme3.system.JmeCanvasContext;
import com.jme3.util.JmeFormatter;
import java.awt.BorderLayout;
import java.awt.Canvas;
import java.awt.Container;
import java.awt.Dimension;
import java.awt.FlowLayout;
import java.awt.Panel;
import java.awt.event.ActionEvent;
import java.awt.event.ActionListener;
import java.awt.event.WindowAdapter;
import java.awt.event.WindowEvent;
import java.util.concurrent.Callable;
import java.util.logging.ConsoleHandler;
import java.util.logging.Handler;
import java.util.logging.Logger;
import javax.swing.*;
public class HelloWorld extends SimpleApplication {
public static void main(String[] args) {
java.awt.EventQueue.invokeLater(new Runnable() {
public void run() {
// create new JME appsettings
AppSettings settings = new AppSettings(true);
settings.setWidth(640);
settings.setHeight(480);
// create new canvas application
HelloWorld canvasApplication = new HelloWorld();
canvasApplication.setSettings(settings);
canvasApplication.createCanvas(); // create canvas!
JmeCanvasContext ctx = (JmeCanvasContext) canvasApplication.getContext();
ctx.setSystemListener(canvasApplication);
Dimension dim = new Dimension(640, 480);
ctx.getCanvas().setPreferredSize(dim);
JFrame window = new JFrame("Swing Application");
window.setDefaultCloseOperation(JFrame.EXIT_ON_CLOSE);
JPanel panel = new JPanel(new FlowLayout()); // a panel
// add all your Swing components ...
panel.add(new JButton("Some Swing Component"));
// add the JME canvas
panel.add(ctx.getCanvas());
window.add(panel);
window.pack();
window.setVisible(true);
canvasApplication.startCanvas();
}
});
}
@Override
public void simpleInitApp() {
// activate windowed input behaviour
flyCam.setDragToRotate(true);
// Set up inputs and load your scene as usual
Box b = new Box(1, 1, 1); // create cube shape
Geometry geom = new Geometry("Box", b); // create cube geometry from the shape
Material mat = new Material(assetManager,
"Common/MatDefs/Misc/Unshaded.j3md"); // create a simple material
mat.setColor("Color", ColorRGBA.Blue); // set color of material to blue
geom.setMaterial(mat); // set the cube's material
rootNode.attachChild(geom); // make the cube appear in the scene
}
}
Saturday, October 24, 2020
Game Development-JMonkeyEngine - Part2
මං අද කරන්න යන්නේ මගේ netbeans IDE එක jMonkeyEngine එකත් එක්ක වැඩ කරන්න setup කරගන්න
එක. අපි බලමු කොහොමද කරන්නේ කියල. ඉස්සෙල්ලම අපි download කර ගත්තු zip file එක unzip කරගන්න ඕනි.
එතකොට මෙන්න මේ ආකාරයෙන් තමයි දිස් වෙන්නේ.
දැන් ඒක පැත්තකින් තියලා අපි යමු netbeans IDE දිහාවට.
මේ පහලින් තියෙන්නේ netbeans IDE එක. අපි ඉස්සෙල්ලම අලුත් project එකක් හදන්න ඕන.
File => new project මගීන් අලුත් project එකක් හදන්න පුළුවන්
Java Application තෝරන්න.
මේ ආකාරයෙන් project එකට නමක් සහ save වන ලොකේෂන් එක ලබාදෙන්න
Project එක create උනාට පස්සේ මේ ආකාරයෙන් බලාගන්න පුළුවන්. දැන් අපි jmonkey engine
run කරන්න ඕන JAR File ටික add කරගන්න ඕන.
ඒකට ්‍රොජෙක්ට් එකේ LIbrary folder එකමත right click කරලා Add JAR/Folder select කරන්න.
ඊට පස්සේ unzip කරගත්ත folder එකේ lib එකට ගිහින් ඒක ඇතුළෙ තියෙන ඔක්කොම JAR ෆයිල්
ටික select කරලා ඕපන් දෙන්න
ඊට පස්සේ project එක උඩ right click කරලා project properties යන්න.
ඒකෙ තියෙන run tab එකට යන්න. දැන් අපි run වෙන්න ඕන configuration ලබා දෙන්න ඕන.
ඊට පස්සේ අපි අලුතෙන් පැකේජ් එකක් හදා ගන්න ඕනේ.
ඊට පස්සේ ඒ පැකේජ් එකට අලුත් java class එකක් එකතු කර ගන්න ඕන.
එතකොට මෙන්න මේ ආකාරයෙන් තමයි java class එක පේන්නේ.
දැන් මේ පහල code එක copy කරලා paste කරන්න. මතක ඇතුව මේ code එකේ තියෙන class name එක
ඔයාගේ class name එක විදිහට වෙනස් කරන්න.
package hello3D.test;
import com.jme3.app.SimpleApplication;
import com.jme3.material.Material;
import com.jme3.scene.Geometry;
import com.jme3.scene.shape.Box;
import com.jme3.math.ColorRGBA;
/** Sample 1 - how to get started with the most simple JME 3 application.
* Display a blue 3D cube and view from all sides by
* moving the mouse and pressing the WASD keys. */
public class HelloWorld extends SimpleApplication {
public static void main(String[] args){
HelloWorld app = new HelloWorld();
app.start(); // start the game
}
@Override
public void simpleInitApp() {
Box b = new Box(1, 1, 1); // create cube shape
Geometry geom = new Geometry("Box", b); // create cube geometry from the shape
Material mat = new Material(assetManager,
"Common/MatDefs/Misc/Unshaded.j3md"); // create a simple material
mat.setColor("Color", ColorRGBA.Blue); // set color of material to blue
geom.setMaterial(mat); // set the cube's material
rootNode.attachChild(geom); // make the cube appear in the scene
}
}
දැන් ඔක්කොම හරි. අපි දැන් අපේ project එක run කරල බලමු.
Run කරද්දි මුලින්ම වෙන්න මේ වගේ screen එකක් එයි. එක continue දෙන්න.
අපි ඇත්තටම මේ code එකෙන් කරේ නිල් පාට box එකක් හදන එක. අපි අනිත් 3d modeling software ගත්තොත්
අපිට ඕනේ object drag and drop කරන්න පුළුවන්. ඒත් මේකෙ ඒ හැම object එකක්ම හදන්න වෙන්නේ
කෝඩ් කරලා.
සුදු පාටින් සදහන් කරලා තියෙන keys පාවිච්චි කරල object එක rotate කරන්න පුළුවන්.
මම ඊළඟ පෝස්ට් එකෙන් code එක explain කරන්නම්.
ස්තුතියි
-Hasini Senanayaka-
Wednesday, October 21, 2020
Game Development-JMonkeyEngine - Part1
JMonkeyEngine යනු විශේෂයෙන් 3D game development සඳහා සාදන ලද game engine එකක්. එය shader technology පුළුල් ලෙස භාවිතා කරනවා. මෙම එන්ජිම භාවිතා කරමින් ඇන්ඩ්‍රොයිඩ් සහ ඩෙස්ක්ටොප් උපාංග සඳහා ත්‍රිමාණ ක්‍රීඩා ලියන්න පුළුවන්. jMonkeyEngine එක Java වලින් ලියා ඇති අතර එහි default renderer ලෙස LWJGL භාවිතා වනවා. ඒ වගේම මෙය OpenGL 2 සඳහා පූර්ණ සහය දක්වනු ලබනවා.
මේ තියන්නේ jMonkey engine එක පාවිච්චි කරලා හදපු ගේම් ටිකක්. පේනවා ඇතිනේ කොච්චර ලස්සනද කියලා.
දැන් අපි බලමු කොහොමද jmonkey engine එකෙන් වැඩ ගන්නේ කියලා.
JMonkeyEngine භාවිතා කිරීමට විවිධ ක්‍රම තියෙනවා:
- Download the SDK
- Download the engine
- Add the libraries to a build script
repositories {
jcenter()
}
dependencies {
implementation "org.jmonkeyengine:jme3-core:3.3.2-stable"
implementation "org.jmonkeyengine:jme3-desktop:3.3.2-stable"
implementation "org.jmonkeyengine:jme3-lwjgl:3.3.2-stable"
}මං කලින් කිව්වා වගේ SDK එක පාවිච්චි නොකර තමන්ට කැමති IDE එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට IDE එකට අදාල Engine එක සහ එහි dependencies බාගත කරගන්න ඕන. මේවා ඔබේ ජාවා ව්‍යාපෘතියට වෙනත් library එක මෙන් ඇතුළත් කරන්න පුළුවන්.
මේ ලින්ක් එකින් Engine එක බාගන්න පුළුවන්.
https://github.com/jMonkeyEngine/jmonkeyengine/releases
මේ පොස්ට් එකෙන් අපි JmonkeyEngine සඳහා අවශ්‍ය වන tools ටික ඩවුන්ලෝඩ් කරගත්තා නේ. ඊළඟ පෝස්ට් එකෙන් බලමු කොහොමද setup කරගන්නේ කියලා.

