Tuesday, October 20, 2020

Java Programming sinhala tutorial - Switch - Part 15

Java Flow Control " Switch"

    Switch control එක, if ladder එකෙහි ක්‍රියාකාරිත්වයට සමාන වේ. Switch variable එක යම් අගයකට සමාන වූ විට සිදු විය යුතු කාර්යයන් ඊට අදාල case එක ඉදිරියෙන් පැවතිය යුතු වේ. Switch variable එක පවතින case label එකකටවත් සමාන නොවේ නම් default ඉදිරියෙන් ඇති command execute වේ. මෙහිදී case එකක command අවසානයේදී break; ලෙස command කල යුතු වේ. නැතහොත් එම case එක true වූ විට ඊට පහලින් ඇති case එකෙහි command ද ක්‍රියා කරයි.

with break keyword

without break keyword

Switch control එක, if ladder එකෙහි ක්‍රියාකාරිත්වයට සමාන වන අතරම ඒවායේ byte code ද සමාන වේ.

using if ladder

using switch

අපි දැන් බලමු switch control ගැන වැඩිපුර විස්තර ටිකක්.
 
  • switch control හි multi selection හැකියාව පවතී. එනම් එක් case එකක් true වූ විට ඊට පහලින් ඇති case 1 ක් හෝ කිහිපයක command ක්‍රියාත්මක වීමට සැලැස්විය හැක. ඒ සදහා අවශ්‍ය තැන්හි break keyword එක නොලිවිය යුතුය.


  • switch control හි case label සංඛ්‍යා අනුපිළිවෙලින් ලිවිය යුතු නොවේ.


  • switch control හි default case එක ලිවිම අත්‍යවශ්‍ය නොවේ.


  • switch control එකෙහි default keyword එක එහි scope එක තුල ඕනෑම තැනක ලිවිය හැක.


  • switch control එකෙහි එකම case label එක දෙවාරයක් භාවිතා කල නොහැක.


  • switch control එකෙහි case label අනිවාර්යෙන්ම literal විය යුතුය. Compiler ට case label එකෙහි value එකක් පවතින බවට තහවුරු විය යුතුය. Run time variable වල value වෙනස් කල හැකි නම් එවිට compiler error ලැබේ.


  • case label වල literals ලෙස byte, char, string, enum භාවිතා කල හැකි අතර float, double, boolean භාවිතා කල නොහැක.

තවත් Java ගැන ඉගෙන ගන්න ඊලග ලිපියෙන් හමුවෙමු.

- චමෝදි -

0 comments:

Post a Comment