Thursday, October 15, 2020

Java Programming sinhala tutorial - Method Calling Stack - Part 14

Method Calling Stack

   පසුගිය ලිපියෙන් අපි method ගැන දැනගත්තා. අද අපි මේ method වල අපි declare කරන variable වලට memory ( මතකය ) allocate වෙන්නේ කොහොමද කියලා බලමු. 

     පරිගනකයක OS එක මගින් එහි ක්‍රියා කරන එක් එක් software එක වෙනුවෙන් RAM එකේ memory allocate කරයි. 


    ඒ අනුව Java program එකක් run කරන විට JVM එකට RAM එකෙන් memory space එකක් OS එක මගින් ලබා දෙයි. JVM එකෙන් program එක run කරන විට main method එක පළමුවෙන් run වේ. Program එකේ ඇති variable නිර්මාණය කිරීම සදහා JVM එකට ලබා දුන් memory space එකෙන් කොටසක් වෙන් කරයි. මෙම memory space එක variable stack ( Method Calling Stack ) එක ලෙස හදුන්වයි. Variable stack එක හැර JVM එක සදහා ලබා දී ඇති ඉතිරි memory space එක memory heap එක ලෙස හදුන්වයි. 

    Main method එකෙන් වෙනත් method එකකට call කල විට stack එකේ වෙනත් තැනක ඊට අදාළ variable නිර්මාණය වේ. එම method එක run වී අවසානයේදී එම method එක හා එහි variable මැකී යයි.



තවත් Java ගැන ඉගෙන ගන්න ඊලග ලිපියෙන් හමුවෙමු.

- චමෝදි -

0 comments:

Post a Comment