Wednesday, October 21, 2020

Game Development-JMonkeyEngine - Part1

JMonkeyEngine යනු විශේෂයෙන් 3D game development සඳහා සාදන ලද game engine  එකක්. එය shader technology පුළුල් ලෙස භාවිතා  කරනවා. මෙම එන්ජිම භාවිතා කරමින් ඇන්ඩ්‍රොයිඩ් සහ ඩෙස්ක්ටොප් උපාංග සඳහා ත්‍රිමාණ ක්‍රීඩා  ලියන්න පුළුවන්. jMonkeyEngine එක Java වලින් ලියා ඇති අතර එහි default renderer ලෙස LWJGL භාවිතා  වනවා. ඒ වගේම මෙය OpenGL 2 සඳහා පූර්ණ සහය දක්වනු  ලබනවා.

මේ තියන්නේ jMonkey engine එක  පාවිච්චි කරලා හදපු ගේම් ටිකක්. පේනවා ඇතිනේ කොච්චර ලස්සනද කියලා.

 දැන් අපි බලමු කොහොමද jmonkey engine  එකෙන් වැඩ ගන්නේ කියලා.

JMonkeyEngine භාවිතා කිරීමට විවිධ ක්‍රම  තියෙනවා:

  • Download the SDK
  • Download the engine
  • Add the libraries to a build script
මේ පහලින් තියෙන්නේ SDK එක. එක design කරලා තියෙන්නේ Netbeans IDE එක වගේ. මේ ලින්ක් එකින් SDK එක බාගන්න පුළුවන්.


jMonkeyEngine එකට SDK එකම පාවිච්චි කරන්න ඕනේ කියලා නියමයක්  නැහැ. එසේම නිශ්චිත IDE එකක් හෝ නැහැ. ඔබට ජාවා පිළිබද සාමාන්‍ය දැනීමක් ඇත්නම් ඕනෑම IDE එකක් භාවිතා  කරන්න පුළුවන්. (eg:- Netbeans, Intellij).

ඔබ online dependencies භාවිතා කිරීමට කැමති නම්, ඔබට ඒවා jcenter වෙතින් ලබා ගත හැකිය. Intellij වැනි IDE භාවිතා කරන පරිශීලකයින් අතර online dependencies වඩාත් ජනප්‍රියයි.
repositories {
    jcenter()
}

dependencies {
    implementation "org.jmonkeyengine:jme3-core:3.3.2-stable"
    implementation "org.jmonkeyengine:jme3-desktop:3.3.2-stable"
    implementation "org.jmonkeyengine:jme3-lwjgl:3.3.2-stable" 
}

මං කලින් කිව්වා වගේ SDK  එක පාවිච්චි නොකර  තමන්ට කැමති IDE එකක්  පාවිච්චි කරන්න පුළුවන්.  එතකොට IDE  එකට අදාල Engine එක සහ එහි dependencies බාගත කරගන්න ඕන. මේවා ඔබේ ජාවා ව්‍යාපෘතියට වෙනත් library එක මෙන් ඇතුළත්  කරන්න පුළුවන්.  

මේ ලින්ක් එකින් Engine එක බාගන්න පුළුවන්.

https://github.com/jMonkeyEngine/jmonkeyengine/releases


 මේ පොස්ට් එකෙන් අපි JmonkeyEngine  සඳහා අවශ්‍ය වන tools  ටික ඩවුන්ලෝඩ් කරගත්තා නේ.  ඊළඟ  පෝස්ට් එකෙන්  බලමු කොහොමද setup  කරගන්නේ කියලා. 



-Hasini Senanayaka-

0 comments:

Post a Comment