Saturday, October 24, 2020

Blender Sinhala Tutorial - View Ports

අපි ත්‍රිමාණ තලයක වැඩ කරන නිසා බොහෝ විට 3D window එකකට වඩා අවශ්‍ය වෙනවා . බොහෝ Rendering සහ Animations වැඩසටහන් විවිධ data representation  සමඟ multiple viewport සඳහා ඉඩ ලබා දෙනවා. බ්ලෙන්ඩර් software එකද එසේමයි.

මතක ද බ්ලෙන්ඩර් ආරම්භ වන්නේ 3D දර්ශන කවුළුවකින් බව? මේ පහතින් දක්වල තියෙන්නේ ඒ viewport එක.


මේ viewports අතර රේඛාව ඇදගෙන යාමෙන් මෙම ඕනෑම කවුළුවක ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්. viewport එකක් බෙදීමට 3D View එකේ  ඉහළ දකුණු කෙළවරේ ඇති කුඩා ත්‍රිකෝණයට ඔබේ කර්සරය ගෙන යන්න. කර්සරය “+” බවට පත් වූ විට LMB සමඟ drag කරන්න.එවිට ඔබේ screen  එක viewports 2 කට වෙන් වේ. 

viewports එකට එකක් සම්බන්ධ වීම ද මේ ආකාරයම වේ. ත්රිකෝණය මත ක්ලික් කර ඔබ ඉවත් කිරීමට අවශ්ය viewport එක හරහා ඇදගෙන යන්න.

ඔබගේ windows ඔබට කැමති ප්‍රමාණයකට split කරන්න පුළුවන්. එත් windows 2 ක් සමඟ වැඩ කරන එක පහසු වෙයි කියල මට හිතෙනවා. ඒ වම් window එක top, front, side යන ප්‍රධාන views සදහා ද  දකුණු window එක කැමරා view එක සඳහා ද වශයෙන්.

objects ස්ථානගත කිරීමේදී අවම වශයෙන් views 2 ක් වත් තුළ කර්සරයේ පිහිටීම බලන්න ඕනේ.

view එකේ ඉහළ වම් කෙළවරේ view එකේ නම දර්ශනය වෙනවා.

Camera view - 0 key

Front view - 1 key

Right view - 3 key 

Top view - 7 key

User ortho - Orthographic view (free rotation)

Perspective view - Key 5. (Key 5 toggle between ortho and perspective view)

Back - CTRL + 1 key

Left - CTRL + 3 key

Bottom - CTRL + 7 key

මම හිතනවා අද ඔයාල viewports ගැන යමක් ඉගෙන ගන්න ඇති කියල. ඉතින් ආයෙත් පොස්ට් එකකින් හම්බ වෙමු.


LMB = Left mouse button


-Hasini Senanayaka-

0 comments:

Post a Comment