Monday, October 22, 2018

HTML For Beginners - Part 2


මුල්ම HTML File එක හදාගනිමු



අපි මුලින් කතා කළ මූලික කරුණු උදව් කරගෙන අපේ මුල්ම HTML file එක හදාගන්න විදිය ගැන අද කතා කරමු.
HTML files කියන්නේ Text files නිසා ඕනෑම Text editor එකක් භාවිතා කරලා අපිට මේ වෙබ් පිටුව හදාගන්න පුළුවන්. HTML editors වර්ග ගොඩක් තියෙනවා. අපි දැනට මේ උදාහරණයේදී Notepad එක පාවිච්චි කරමු.
මුලින්ම, අපි පලමුවෙනි දවසේ කතා කළ Tags ටික Type කරලා body එකට පොඩි වාක්‍යක් දීලා run කරලා බලමු output එක අපිට කොහොමද පේන්නේ කියල.  
අපි මේක first.html කියල save කරගනිමු මේක අපේ මුල්ම HTML file එක නිසා. මතක තියාගන්න, ඕනෑම HTML file එකක් අපි Save කරන්න ඕන .html file එකක් විදියටයි.


File එක Save කරගන්න, File -> Save As ->save කරන්න ඕන location එක select කරලා File name එක විදියට first.html දීල Save කරගන්න. ඊටපස්සේ Save කරපු තැනට ගිහින් Double click කරලා open කරගන්න. එතකොට Output එක මේ වගේ එකක් දකින්න ලැබෙයි. මේක open කරගන්න කැමති Browser එකක් යොදාගන්න පුළුවන්.



අපිට පුළුවනි ඕන නම් වෙබ් පිටුව විස්තර කරන්න Tab එකට Title එකක් දෙන්න. ඒක කරන්නේ <title> කියන Tag එක head එකට එකතු කිරීමෙන්. Title element එක ගොඩක් වැදගත් වෙන්නේ ඒක වෙබ් පිටුව විස්තර කරනවා වගේම Search engines වලිනුත් භාවිතා කරන නිසයි.
අපිට පුළුවනි කලින් හදාගත්ත File එකම පහල තියෙන විදියට Edit කරගන්න. ඊට පස්සේ කලින් විදියටම Save කරලා open කරලා බලන්න මොකක්ද වෙලා තියෙන වෙනස කියල.



දැන් අපිට බලාගන්න පුළුවන් කලින් Tab එකේ Title එක විදියට තිබුණු first.html වෙනුවට First Page කියල සටහන් වෙලා තියෙනවා.
එහෙනම්, අද අපි කතා කළ දේවල් නැවත නැවත කරලා බලන්න, මතක තියාගන්න. ඊළඟ පාඩමෙන් අපි තවත් විස්තර කතා කරමු HTML ගැන. හමුවෙමු ආයෙමත් ඉක්මනටම...

            -- ලක්ෂිකා ස්වර්ණමාලි --

0 comments:

Post a Comment