Tuesday, October 2, 2018

Blender Sinhala Tutorial - Installation


       Blender කියන්නේ computer animation හැදීම සදහා නිපද වූ මෘදුකාංගයක්. computer animation හදන්න පුළුවන් 3D max, Maya  වගේ  application software  ගොඩක් තිබුනත්   blender ගොඩක් ජනප්‍රිය උනේ එහි තිබෙන සරල අතුරුමුහුණත් නිසා. මම අද පාවිච්චි කරන්න යන්නේ  blender  වල තිබෙන නවතම සංස්කරණය වන  blender 2.7.

        Blender  ඔයාලගේ පරිගණකයේ නැත්නම් මෙම  link  එකට ගිහින්  download  කර ගන්න පුළුවන්. https://www.blender.org/ . අපි ඉස්සෙලම බලමු blender  කොහොමද ඔයාලගේ පරිගණකයට ස්ථාපනය කර ගන්නේ කියල.

       පරිගණකයට  download  උනු  setup file එක double click කරලා open කරගන්න.  එවිට මෙවැනි  wizard window එකක් ඔබට දැක ගන්නට පුළුවන්.


මෙහි ඇති next button  එක  click  කරන්න. එය ඔබව  end-user license agreement වෙත ගෙන යනු ලබයි.


එහි ඇති කොටුව තුල click  කර  next button  එක  click කරන්න.


මෙහිදී දී තිබෙන  default configuration ම භාවිතා කරන්න.


මෙහි ඇති install button  එක  click  කරන්න.


එවිට මේ ආකාරයෙන් Blender ස්ථාපනය වනවා දැක ගන්නට පුළුවන්. මෙය විනාඩි කිහිපයක් තුලදී පරිගණකයට ස්ථාපනය වේ.



        Blender පරිගණකයට ස්ථාපනය වූ පහු එය  start menu item එකක් ලෙස දැක ගන්නට පුළුවන්. මේ තියෙන්නේ Blender වල දකින්නට ලැබෙන පළමු අතුරු මුහුණත. අපි ඊලග ලිපියෙන් blender වලින් වැඩ ගන්න හැටි කතා කරමු.


 -Hasini Senanayaka-

5 comments:

  1. නියමයි සිස්... වීඩියෝ බලල ඉගෙනගන්ඩ බැරි වුන දේවල් ගොඩක් ඉගෙන ගත්තා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි වගේම ගොඩක් සතුටුයි

      Delete
  2. supiri machn...digatama karanwako

    ReplyDelete