සාමාන්‍යයෙන් select වෙලා තියෙන්නේ දිශාවල් 3 දැක්වෙන ඊ හිසවල් තුන. ඒ කියන්නේ translate handler එක. එම ඊ හිසවල් තුනේ රතු පැහැයෙන් X අක්ශයත් කොළ පැහැයෙන් Y අක්ශයත් නිල් පැහැයෙන් Z අක්ශයත් දක්වනු ලබනවා. වස්තුවේ ඇති මෙම ඊතලයක් click කර drag කිරීමෙන් වස්තුව එම දිශාවට චලනය කරගත හැක.
3D view එකේ පහල manipulator පාලනය කරන button පහක් බලාගන්න පුළුවන්. ඒවා පිලිවෙලින්
- toggle on/off
- translate
- rotate
- scale
- orientation
manipulator off-මෙම අවස්ථාවේදී වස්තුව චලනය කිරීමට අදාල ඊතල අක්‍රිය වේ. මැද ඇති ඝනකය නිරීක්ෂණය කරන්න.
manipulator on - මෙම අවස්ථාවේදී වස්තුව චලනය කරන්න පුළුවන්.
ඊ හිසක් සහිතව දැක්වෙන්නේ දෙවෙනි button එකයි. එය translate handler නමින් හදුන්වනවා. එමගින් අක්ෂ තුන ඔස්සේ වස්තුවක් චලනය කරන්න පුළුවන්.(click කර drag කිරීම මගින් )
3 වෙනි button එක rotation handler එකයි. එමගින් අක්ෂ තුන ඔස්සේ වස්තුවක් බ්‍රමණය කිරීම සිදු කරනු ලබනවා.
4 වෙනි button එක scale handler නම් වේ. එමගින් වස්තුවක දිග, පළල සහ උස වෙනස් කරගන්න පුළුවන්.
එක පාර handles දෙකක් හෝ වැඩි ගානක් අවශ්‍ය නම් shift key එකත් සමග handlers භාවිතා කරන්න.
මෙම manipulators වලට අදාල hotkeys වන්නේ
- “g” - translate (grab)
- “r” - rotate
- “s” - scale
මේ transformations එක අක්ෂයකට පමණක් සීමා කිරීමට transformation එක කරන අතරතුරදීම x, y, z keys press කිරීමෙන් කරන්න පුළුවන්.
ඒ වගේම මේ transformation එක අක්ෂ දෙකට සීමා කිරීමට shift එකත් සමග අත හරින්න අවශ්‍ය අක්ෂය click කිරීමෙන් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ඝනකයක් උඩට පහලට නොයා පොලව මත චලනය කිරීමට අවශ්‍ය නම් g+SHIFT+z පාවිච්චි කරන්න පුළුවන්.
3D cursor
3D view එක මත left click කිරීමෙන් 3D Cursor එක එහා මෙහා චලනය කරන්න පුළුවන්.
3D Cursor එක දිස් වන්නේ මේ ආකාරයෙන් වේ. මෙය භාවිතා කරනු ලබන්නේ 3D space එක තුල වස්තු ස්ථානගත කිරීමටයි. අලුත් වස්තුවක් නිර්මාණය වනු ලබන්නේ 3D Cursor එක මධ්‍යයේය.
ඉතින් මං හිතනවා අද මේ පොස්ට් එකින් වස්තුවක් චලනය කරන්නේ කොහොමද කියල ඉගෙන ගන්න ඇතියි කියලා. ඊළග පොස්ට් එකින් අපි කථාරමු blender වල තියෙන editors මොනවද කියල.
-Hasini Senanayaka-
0 comments:
Post a Comment