DBMS Types වර්ග..
කලින් post එකේදි database management system වර්ග මොනවද කියලා කිව්වනෙ මං.මේ post එකෙන් database management system වර්ග ගැන වැඩි විස්තර කියලා දෙන්නම්.
ඊට කලින් database හා බැදිච්ච වචන කීපයක තේරුම් මොනවද කියලා බලමු.
1. Table
Database Table කියන්නෙ දත්ත ඇතුලත් කරපු fields හා records වල එකතුවක්. database
වල table ,datasheets විදියටත් හදුන්නනවා. මේ tables වල store කරන්නේ එකිනෙකට සම්බන්ද(related) ඒත් එකිනෙකට වෙනස් data විතරයි.
පහල උදාහරණය බැලුවම ඒකේ තියෙන්නෙ table එකක්.
2.Record
Database එකක තියන Table වල data store කරලා තියෙන්නෙ records විදියට.record කියන්නෙ පුද්ගලයෙකුගේ හෝ ආයතනයක හෝ යම් දෙයක(Item එකක ) දත්ත store කරලා තියන fields වල එකතුවක්.
පහල උදාහරණය බැලුවම ඒකේ select කරලා තියෙන්නෙ record එකක්.
Harshi කියන කෙනාගෙ දත්ත විදියට name, age, city ,grade කියන fields ඔක්කොම යොදා ගන්නවා.
3. Field
Field එකක් කියන්නෙ record එකක කොටසක්. ඒ කියන්නේ record එකක් හැදෙන්න එකතු වෙච්ච තනි data කොටසක්.
කලින් ගත්ත උදාහරණයම ගත්තම එක පුද්ගලයෙක්ව විස්තර කරන්න ගත්ත data අතරින් නම විතරක් ගත්තොත් ඒක field එකක්. ඒ වගේම Age, City , Grade කියන්නෙ fields.
1.Hierarchical databases
මුලින්ම බලමු Hierarchical databases කියන්නෙ මොකක්ද කියලා.
Hierarchical databases එකක් කියන්නෙ parent/child relationship එකට අදාලව දත්ත ගබඩා කරන databases වලට.සරලව කියනවනම් tree structure එකක් ආකාරයට දත්ත ගබඩා කරලා තියන databases . ඒ නිසා එකම data ආයෙ ආයෙ record එක ඇතුලෙ store කරලා තියෙන්න පුලුවන්. Hierarchical databases වල data store කරන්නේ data records , fields විදියට.
Hierarchical databases පාවිච්චි කරන එකේ වාසිය තමයි data insert , update කරන එක ලේසියෙන්ම කරන්න පුලුවන් මොකද tree structure එක විදියටනෙ data store කරලා තියෙන්නෙ.
අවාසිය තමයි parent/child relationship එකක් තියන හින්දා field එකක් හරි record එකක් හරි insert කරාම මුලු database එකම වෙනස් වෙන එක.
2.Network databases
Network Database වැඩිපුර පාවිච්චි කරන්නේ large digital computers (ENIAC)වල. Network Database පාවිච්චි කරලා වෙනස් types වල data අතර සම්බන්දතා හදන්න පුලුවන්.මේ Network Database ත් hierarchical databases වගේ hierarchical structure එකක් අනුව තමයි සකස් වෙන්නෙ.සරලව කියනවනම් එකිනෙක සම්බන්ද වෙච්ච මකුලු දැලක් වගේ records සම්බන්ද වෙලා තියනවා. Network Database වලත් Hierarchical databases වල වගෙ parent-child relationship එකක් තියනව කියලා කිව්වනෙ මං. ඒකෙදි parent occupier ලෙසත් child member ලෙසත් හදුන්නනවා.Network database වල තියන වෙනස තමයි එක child කෙනෙකුට parents ලා එක්කෙනෙක්ට වඩා ඉන්න එක. මේ නිසා Network database වල තියෙන්නෙ many to many relationship models.
3.Relation databases
Hierarchical හා network databases පාවිච්චි කරද්දි user ,hierarchy එකකට අදාලව data store කරලා තියනවනම් විතරයි අවශය data access කරන්න පුලුවන්.ඒත් relational databases වල data store කරලා තියෙන්නේ වෙනස් tables වල . ඒ වගේ hierarchy එකක් නෑ relational databases වල .ඒ tables වල හැම row එකක්ම uniquely අදුනගන්න පුලුවන් වෙන්න key field එකක් තියනවා.Hierarchical හා network databases එක්ක බලද්දි relational databases වඩාත් විශ්වසදායකයි(reliable).මේ relational databases වල tables වල data අන්තර්ගත rows, relations (tuples) විදියටත් columns, attributes or fields විදියටත් හදුන්නනවා .
Hierarchical හා network databases පාවිච්චි කරද්දි user ,hierarchy එකකට අදාලව data store කරලා තියනවනම් විතරයි අවශය data access කරන්න පුලුවන්.ඒත් relational databases වල data store කරලා තියෙන්නේ වෙනස් tables වල . ඒ tables වල හැම row එකක්ම uniquely අදුනගන්න පුලුවන් වෙන්න key field එකක් තියනවා. මේ key field පාවිච්චි කරලා වෙනස් tables connect කරන්න පුලුවන්.
mySQL ,SQL කියන්නෙ relational databases වලට උදාහරණ.
Relational databases වල තියන වාසි තමයි මුලික දැනුම පොඩ්ඩක් තියාගෙන පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම tables වල තියෙන data ,modify කරන්න පුලුවන් අනිත් data වලට බලපෑමක් වෙන්නෙ නැති විදියට. මේ relational database වල තියෙන ලක්ශණයක් තමයි table වල තියෙන column එකක තියෙන්න පුලුවන් එකම data type එකකට අයිති data විතරයි.
DBMS ගැන වැඩි විස්තර ඊලග post එකකින් කතා කරමු.
DBMS ගැන වැඩි විස්තර ඊලග post එකකින් කතා කරමු.
--පියුමි--
0 comments:
Post a Comment