Sunday, October 21, 2018

HTML For Beginners - Part 1


HTML ගැන කෙටියෙන් දැනගනිමු



HTML ගැන ගොඩක් දෙනා අහල ඇති.  Web professional කෙනෙක් වෙන්න නම් HTML ගැන දැනුම අත්‍යවශ්‍යයි. මේ  ගැන ඉගෙන ගැනීම තමයි වෙබ් පිටු නිර්මාණය (Web page developing) කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මුලින්ම කළයුතු වෙන්නේ. ඒ නිසා අපි HTML ගැන සරලව මුළ සිට ඉගෙනගනිමු.

HTML කියන අකුරු හතරෙන් කියවෙන්නේ Hyper Text Markup Language කියන එකයි. වෙනත් Programming language එකක් වගේ නෙවෙයි  Markup language  එකකින් කරන්නේ අදාළ අන්තර්ගතයේ තියෙන Tags අඳුනගන්න එකයි.
අවුරුදු ගණනාවක් තිස්සේ HTML වල විවිධ Versions නිකුත් උනත් HTML වල මූලික කරුණු වල වෙනසක් වෙලා නැහැ.

  •        <html> Tag

HTML document එකක ආකෘතිය හරියට Sandwich එකක් වගේ. ඒ කියන්නේ Sandwich එකක පාන් පෙති දෙක අතර තමයි හැමදේම තියෙන්නේ වගේ HTML වල Tags දෙකක් අතර තමයි අන්තර්ගතය පවතින්නේ. HTML document එකක තියෙන හැමදේම <html> කියන Tags දෙක අතර තමයි තියෙන්නේ.  
උදා:- <html>  </html>


  •  <head> Tag

Html tags වලින් පස්සේ document එකේ මුලින්ම තියෙන්නේ Head එක. ඒක අඳුනගන්නේ ආරම්භක සහ අවසාන head tags වලින්.  HTML file එකක තියෙන, වෙබ් පිටුව වැඩ කරන්න උදව් වෙන සියලුම අදෘශ්‍ය අංග (non-visual elements) ටික. ඒ කියන්නේ අපිට පේන්නේ නැති ඒවා තියෙන්නේ මේ Head එකේ තමයි.
 උදා:- <html> 
                         <head> …. </head>
             </html>

  •        <body> Tag

Head tags වලින් පස්සේ තියෙන්නේ body tags. අපිට පෙනෙන සියලුම දෘශ්‍ය ආකෘතිකමය අංග  (visual-structural elements) ටික තියෙන්නේ මේ  body tags අතරයි. ඒ කියන්නේ මාතෘකා (Headings), පරිච්ඡේද (Paragraphs), ලැයිස්තු (Lists), ප්‍රකාශ (Quotes), පින්තුර (Images), ඈඳුම් (Links) වගේ හැම දෙයක්ම තියෙන්නේ මේ body tags අතරයි. HTML document එකක තියෙන ප්‍රධාන අන්තර්ගතය තියෙන්නේ මේ <body> tags අතර බවයි ඒකෙන් කියවෙන්නේ.
උදා:- <html> 
<head> …. </head>
<body> …. </body>
</html>

HTML document එකක ප්‍රධාන වශයෙන් තියෙන tags තුනක් තමයි අපි අද මේ කතා කලේ. ඊළඟට අපි බලමු කොහොමද අපේ මුල්ම HTML page එක හදාගන්නේ කියලා. එතකල් අද කතා කරපු කරුණු ගැන හොඳින් මතක තියාගෙන ඉන්න. අපි ආයෙමත් ඉක්මනටම හමුවෙමු....!

-- ලක්ෂිකා ස්වර්ණමාලි --

4 comments: