Monday, October 22, 2018

HTML For Beginners - Part 2


මුල්ම HTML File එක හදාගනිමු



අපි මුලින් කතා කළ මූලික කරුණු උදව් කරගෙන අපේ මුල්ම HTML file එක හදාගන්න විදිය ගැන අද කතා කරමු.
HTML files කියන්නේ Text files නිසා ඕනෑම Text editor එකක් භාවිතා කරලා අපිට මේ වෙබ් පිටුව හදාගන්න පුළුවන්. HTML editors වර්ග ගොඩක් තියෙනවා. අපි දැනට මේ උදාහරණයේදී Notepad එක පාවිච්චි කරමු.
මුලින්ම, අපි පලමුවෙනි දවසේ කතා කළ Tags ටික Type කරලා body එකට පොඩි වාක්‍යක් දීලා run කරලා බලමු output එක අපිට කොහොමද පේන්නේ කියල.  
අපි මේක first.html කියල save කරගනිමු මේක අපේ මුල්ම HTML file එක නිසා. මතක තියාගන්න, ඕනෑම HTML file එකක් අපි Save කරන්න ඕන .html file එකක් විදියටයි.


File එක Save කරගන්න, File -> Save As ->save කරන්න ඕන location එක select කරලා File name එක විදියට first.html දීල Save කරගන්න. ඊටපස්සේ Save කරපු තැනට ගිහින් Double click කරලා open කරගන්න. එතකොට Output එක මේ වගේ එකක් දකින්න ලැබෙයි. මේක open කරගන්න කැමති Browser එකක් යොදාගන්න පුළුවන්.



අපිට පුළුවනි ඕන නම් වෙබ් පිටුව විස්තර කරන්න Tab එකට Title එකක් දෙන්න. ඒක කරන්නේ <title> කියන Tag එක head එකට එකතු කිරීමෙන්. Title element එක ගොඩක් වැදගත් වෙන්නේ ඒක වෙබ් පිටුව විස්තර කරනවා වගේම Search engines වලිනුත් භාවිතා කරන නිසයි.
අපිට පුළුවනි කලින් හදාගත්ත File එකම පහල තියෙන විදියට Edit කරගන්න. ඊට පස්සේ කලින් විදියටම Save කරලා open කරලා බලන්න මොකක්ද වෙලා තියෙන වෙනස කියල.



දැන් අපිට බලාගන්න පුළුවන් කලින් Tab එකේ Title එක විදියට තිබුණු first.html වෙනුවට First Page කියල සටහන් වෙලා තියෙනවා.
එහෙනම්, අද අපි කතා කළ දේවල් නැවත නැවත කරලා බලන්න, මතක තියාගන්න. ඊළඟ පාඩමෙන් අපි තවත් විස්තර කතා කරමු HTML ගැන. හමුවෙමු ආයෙමත් ඉක්මනටම...

            -- ලක්ෂිකා ස්වර්ණමාලි --

Sunday, October 21, 2018

HTML For Beginners - Part 1


HTML ගැන කෙටියෙන් දැනගනිමු



HTML ගැන ගොඩක් දෙනා අහල ඇති.  Web professional කෙනෙක් වෙන්න නම් HTML ගැන දැනුම අත්‍යවශ්‍යයි. මේ  ගැන ඉගෙන ගැනීම තමයි වෙබ් පිටු නිර්මාණය (Web page developing) කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මුලින්ම කළයුතු වෙන්නේ. ඒ නිසා අපි HTML ගැන සරලව මුළ සිට ඉගෙනගනිමු.

HTML කියන අකුරු හතරෙන් කියවෙන්නේ Hyper Text Markup Language කියන එකයි. වෙනත් Programming language එකක් වගේ නෙවෙයි  Markup language  එකකින් කරන්නේ අදාළ අන්තර්ගතයේ තියෙන Tags අඳුනගන්න එකයි.
අවුරුදු ගණනාවක් තිස්සේ HTML වල විවිධ Versions නිකුත් උනත් HTML වල මූලික කරුණු වල වෙනසක් වෙලා නැහැ.

  •        <html> Tag

HTML document එකක ආකෘතිය හරියට Sandwich එකක් වගේ. ඒ කියන්නේ Sandwich එකක පාන් පෙති දෙක අතර තමයි හැමදේම තියෙන්නේ වගේ HTML වල Tags දෙකක් අතර තමයි අන්තර්ගතය පවතින්නේ. HTML document එකක තියෙන හැමදේම <html> කියන Tags දෙක අතර තමයි තියෙන්නේ.  
උදා:- <html>  </html>


  •  <head> Tag

Html tags වලින් පස්සේ document එකේ මුලින්ම තියෙන්නේ Head එක. ඒක අඳුනගන්නේ ආරම්භක සහ අවසාන head tags වලින්.  HTML file එකක තියෙන, වෙබ් පිටුව වැඩ කරන්න උදව් වෙන සියලුම අදෘශ්‍ය අංග (non-visual elements) ටික. ඒ කියන්නේ අපිට පේන්නේ නැති ඒවා තියෙන්නේ මේ Head එකේ තමයි.
 උදා:- <html> 
                         <head> …. </head>
             </html>

  •        <body> Tag

Head tags වලින් පස්සේ තියෙන්නේ body tags. අපිට පෙනෙන සියලුම දෘශ්‍ය ආකෘතිකමය අංග  (visual-structural elements) ටික තියෙන්නේ මේ  body tags අතරයි. ඒ කියන්නේ මාතෘකා (Headings), පරිච්ඡේද (Paragraphs), ලැයිස්තු (Lists), ප්‍රකාශ (Quotes), පින්තුර (Images), ඈඳුම් (Links) වගේ හැම දෙයක්ම තියෙන්නේ මේ body tags අතරයි. HTML document එකක තියෙන ප්‍රධාන අන්තර්ගතය තියෙන්නේ මේ <body> tags අතර බවයි ඒකෙන් කියවෙන්නේ.
උදා:- <html> 
<head> …. </head>
<body> …. </body>
</html>

HTML document එකක ප්‍රධාන වශයෙන් තියෙන tags තුනක් තමයි අපි අද මේ කතා කලේ. ඊළඟට අපි බලමු කොහොමද අපේ මුල්ම HTML page එක හදාගන්නේ කියලා. එතකල් අද කතා කරපු කරුණු ගැන හොඳින් මතක තියාගෙන ඉන්න. අපි ආයෙමත් ඉක්මනටම හමුවෙමු....!

-- ලක්ෂිකා ස්වර්ණමාලි --

Saturday, October 20, 2018

Database sinhala tutorial for beginners- part 2


DBMS Types වර්ග..


කලින් post  එකේදි  database management system වර්ග මොනවද කියලා කිව්වනෙ මං.මේ  post එකෙන් database management system   වර්ග ගැන වැඩි විස්තර කියලා දෙන්නම්.
ඊට කලින් database හා බැදිච්ච වචන කීපයක තේරුම් මොනවද කියලා බලමු.

1. Table
Database Table  කියන්නෙ දත්ත  ඇතුලත් කරපු   fields  හා records  වල එකතුවක්. database
වල  table  ,datasheets  විදියටත් හදුන්නනවා. මේ  tables   වල  store කරන්නේ එකිනෙකට සම්බන්ද(related)  ඒත් එකිනෙකට වෙනස් data විතරයි.
පහල උදාහරණය බැලුවම  ඒකේ   තියෙන්නෙ  table එකක්.


2.Record

Database එකක තියන  Table වල data store කරලා තියෙන්නෙ records  විදියට.record කියන්නෙ පුද්ගලයෙකුගේ හෝ  ආයතනයක හෝ යම් දෙයක(Item එකක )  දත්ත   store කරලා තියන fields වල එකතුවක්.
පහල උදාහරණය බැලුවම  ඒකේ select කරලා තියෙන්නෙ  record එකක්.
Harshi  කියන කෙනාගෙ දත්ත විදියට name, age, city ,grade කියන  fields ඔක්කොම යොදා ගන්නවා.



3. Field
Field එකක් කියන්නෙ  record  එකක කොටසක්. ඒ කියන්නේ record  එකක් හැදෙන්න එකතු වෙච්ච තනි data කොටසක්.
කලින් ගත්ත උදාහරණයම ගත්තම එක පුද්ගලයෙක්ව විස්තර කරන්න ගත්ත  data  අතරින් නම විතරක් ගත්තොත් ඒක field එකක්. ඒ වගේම  Age, City , Grade  කියන්නෙ fields.


1.Hierarchical databases  
මුලින්ම බලමු Hierarchical databases  කියන්නෙ මොකක්ද කියලා.
Hierarchical databases එකක් කියන්නෙ parent/child relationship එකට අදාලව දත්ත ගබඩා කරන databases වලට.සරලව  කියනවනම්  tree structure එකක්  ආකාරයට දත්ත ගබඩා කරලා තියන  databases . ඒ නිසා එකම data  ආයෙ ආයෙ record එක ඇතුලෙ store කරලා තියෙන්න පුලුවන්.  Hierarchical databases  වල data store කරන්නේ data records , fields විදියට.
Hierarchical databases  පාවිච්චි කරන එකේ වාසිය තමයි data insert , update  කරන එක ලේසියෙන්ම කරන්න පුලුවන් මොකද  tree structure එක විදියටනෙ data store කරලා තියෙන්නෙ.
අවාසිය තමයි parent/child relationship එකක් තියන හින්දා field එකක් හරි record එකක් හරි  insert කරාම  මුලු database එකම වෙනස් වෙන එක. 

2.Network  databases
Network Database වැඩිපුර පාවිච්චි කරන්නේ  large digital computers (ENIAC)වල. Network Database පාවිච්චි කරලා වෙනස් types වල data අතර සම්බන්දතා හදන්න පුලුවන්.මේ  Network Database ත් hierarchical databases වගේ hierarchical structure එකක් අනුව තමයි සකස් වෙන්නෙ.සරලව කියනවනම් එකිනෙක සම්බන්ද වෙච්ච මකුලු දැලක් වගේ  records සම්බන්ද වෙලා තියනවා. Network Database වලත් Hierarchical databases වල  වගෙ parent-child relationship   එකක් තියනව කියලා කිව්වනෙ මං. ඒකෙදි parent  occupier ලෙසත් child   member ලෙසත් හදුන්නනවා.Network database වල තියන වෙනස තමයි එක child කෙනෙකුට parents ලා එක්කෙනෙක්ට වඩා ඉන්න එක. මේ නිසා Network database  වල තියෙන්නෙ many to many relationship models.


3.Relation databases

Hierarchical හා network databases  පාවිච්චි කරද්දි  user ,hierarchy එකකට  අදාලව  data  store කරලා තියනවනම් විතරයි අවශය  data access කරන්න පුලුවන්.ඒත්  relational databases වල data store කරලා තියෙන්නේ වෙනස් tables වල . ඒ වගේ  hierarchy එකක් නෑ relational databases වල .ඒ tables වල හැම row එකක්ම  uniquely අදුනගන්න පුලුවන් වෙන්න key field  එකක් තියනවා.Hierarchical හා network databases  එක්ක බලද්දි relational databases වඩාත් විශ්වසදායකයි(reliable).මේ  relational databases වල tables වල  data අන්තර්ගත  rows,  relations (tuples)  විදියටත් columns,  attributes or fields  විදියටත්  හදුන්නනවා  .
Hierarchical හා network databases  පාවිච්චි කරද්දි  user ,hierarchy එකකට  අදාලව  data  store කරලා තියනවනම් විතරයි අවශය  data access කරන්න පුලුවන්.ඒත්  relational databases වල data store කරලා තියෙන්නේ වෙනස් tables වල . ඒ tables වල හැම row එකක්ම  uniquely අදුනගන්න පුලුවන් වෙන්න key field  එකක් තියනවා. මේ key field   පාවිච්චි කරලා වෙනස්  tables connect කරන්න පුලුවන්.
mySQL ,SQL කියන්නෙ relational databases  වලට උදාහරණ.
Relational databases වල තියන වාසි තමයි මුලික දැනුම පොඩ්ඩක් තියාගෙන පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම tables වල තියෙන  data ,modify  කරන්න පුලුවන් අනිත් data වලට බලපෑමක් වෙන්නෙ නැති විදියට.  මේ relational database වල තියෙන ලක්ශණයක් තමයි  table වල තියෙන column එකක තියෙන්න පුලුවන් එකම data type  එකකට  අයිති  data විතරයි.
DBMS ගැන වැඩි විස්තර  ඊලග post එකකින් කතා කරමු.

--පියුමි--


Friday, October 19, 2018

Java Programming sinhala tutorial - Outline - Part 2

Content of a Java source code file (Outline)

Java source code එකක ප්‍රධාන වශයෙන් class name , main method , method body යන කොටස් තිබිය යුතුය. 


 Java source code එකක් ලිවීමේදී ප්‍රධාන වශයෙන් අපි පහත සදහන් කරුණු ගැන සැලකිලිමත් විය යුතුයි.

       1. Method body එකෙහි command එකකට වඩා වැඩි නම් command අතර semicolon (;) ලකුණ අනිවාර්යෙන් යෙදිය යුතුයි.
       2. අපිට main method එක declare කළ හැකි ක්‍රම කිහිපයක් පවතී.
පහත පරිදි main method එක ලියු විට source code එක compile හා run කල හැක.

Legal, Valid
  • public static void main(String args[]){}
  • static public void main(String args[]){}
  • static public void main(String studentname[]){}
  • static public void main(String[] args){}
  • static public void main(String... args){}
පහත පරිදි main method එක ලියු විට source code එක compile කල හැකි වුවත් run කල නොහැක.
Legal, Run time error
  • public static void Main(String args[]){}
  • public void main(String args[]){}
  • static void main(String args[]){}
  • void main(String args[]){}
  • public static void main(String args){}
  • public static void main(){}
පහත පරිදි main method එක ලියු විට source code එක compile හා run කල නොහැක.
Illegal
  • public static main(String args[]){}
     3. source code එකේ class file එකකට වඩා ඇති විට, compile කළ විට class file වලට අදාළ byte code වෙන වෙනම නිර්මාණය වේ. ඒවා වෙන වෙනම run කල හැක. නමුත් අපි source code file එක එක්  වරක් පමණයි compile කරන්නේ.  


මම මේ file එක Demo.java ලෙස save කරගන්නවා. Demo.java file එක compile කල විට class file 2 ක් නිර්මාණය වී ඇති අයුරු පහත දැක්වේ. ඒවා වෙන වෙනම run කළ හැක.




     4. source code එකෙහි main method එකක් නැති විට, compile කල විට byte code එකක් නිර්මාණය වුවත් run කල නොහැක.



     5. Program එකක් run කල විට source code එකේ ඉහළ සිට පහලට run වේ.



     6. Source code එකෙහි statement එකක් හෝ කිහිපයක් comment කිරීමට // හෝ /*.....*/ සංකේත භාවිතා කල හැක.



අපි ඊලග ලිපියෙන් Java ගැන තවත් විස්තර ඉගෙන ගනිමු.

- චමෝදි -

Tuesday, October 16, 2018

Serverless Computing With AWS Lambda- Part 1





Serverless computing තමා අද වෙන කොට cloud computing වල වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ…. ඒ නිසා අපි බලමු මොකක්ද මේ serverless architecture කියන්නෙ කියල….

Severless computing වලදි  ඔයාලට ඒ කියන්නෙ developerට server එකක් ඕන වෙන්නෙ නැ … මේ architecture එකේදී ඔයාලගෙ code එක build කරල deploy කරන්න server එකක configure කරන්න ඕන වෙන්නෙත් නැ … ඒ කියන්නෙ ඔයාලගෙ code එක run කරන server එක ඔයාලට manage කරන්න ඕන වෙන්නෙ නෑ. Cloud provider එක තමා server එකක් විදියට වැඩ කරන්නේ …. AWS Lambda කියන්නෙ ඒ වගේ serverless computing platform එකක්.

අපි දැන් බලමු මොකක්ද serverless එකක් execute වෙන model එක කියලා….

(චායාරූප අන්තර්ජාලය ඇසුරිනි)

  1. මුලින්ම කරන්නේ තමන්ට ඕන කරන function එක execute කරන්න  serverless computing platform එකකට client විසින් request එකක්  දැමීමයි.
  2. Serverless computing platform එකෙන් check කරල බලනවා මේ වෙනකොටම අදාළ function එක එහි මොකක් හරි server එකක් උඩ run වෙනවද කියල… එහෙම run වෙනවා නම් අදාළ function එක data store එකෙන් platform එකට load කරනවා.
  3. ඊට පස්සෙ platform එක function එක එහි කුමක් හෝ server එකකට (කලින් configure කරලා තියෙන්න ඕන ඒ function එක එම environment එකේ execute වෙනවා කියලා) deploy කරනවා.
  4. Platform එකෙන් function එක execute කරලා result එක ලබා ගන්නවා.
  5. ලබා ගත් result එක clientට දෙනවා.

සමහර වෙලාවට serverless computing වලට FAAS (Function As A Service) කියලා කියනවා. මොකද ඔයාල මේකේ ඔයාලගෙ code එක build කරන්නේ function එකක් විදියට නිසයි….
මේ Platform එකෙන් ඔයාලගෙ function එක එයාලගේම server එකක execute කරලා, request එක සහ response එක අතර සම්බන්ධතාවක් තියා ගන්නවා.

Serverless computing වල use කරන වෙලාව අනුව මුදල් අය කිරීම සිදු කරනවා. වෙලාව ගණනය කරන්නේ code එක execute කරන්න පටන් අරන් result එක ලබා ගන්න ගත වුණු කාල පරාසයයි…

Serverless computing පිළිබඳව කතා කරනකොට වැදගත් වන කරුණු 3ක් තියෙනවා. ඒ තමයි nanoservices architecture, scalability සහ price කියල කියන්නෙ.
nanoservices architecture කියන්නෙ ඔයාලගෙ code එක පොඩි පොඩි කොටස් වලට බෙදලා ඒ එක එක කොටස් වල test කරන එකටයි. මේ නිසා code එකේ තියෙන side effects අඩු කර ගන්න පුළුවන්.
Pricing කියලා කියන්නෙ කලින් කිව්වා වගේ මුදල් ගෙවන්න වෙන එකටයි. මේ ගෙවන මුදල් ප්‍ර්‍රමාණය සමානුපාතික වෙනවා ඔයගෙ usage එකට.
Scalability කියලා කියන්නෙ serverless computing වලට තියෙන infinite scale එකයි. Serverless එක්ක වැඩ කරන කොට, ඔයාලට කියන්න තියෙන්නෙ එකම වෙලාවෙ සිදු වෙන function මොනවාද කියලා. එතකොට Platform එක විසින්ම scalability සාදා ගන්නවා. ඔයාල කරන request ප්‍රමාණය මත සාදා ගත යුතු containers ගණන වෙනස් වෙනවා.

Severless වල ප්‍රධාන සoකල්ප 5ක් තියෙනවා. ඒ තමයි,
1. Functions
2. Events
3. Resources
4. Services
5. Plugins

Node.js, Python, Java, C# වගේ languages මේ serverless framework එකේ functions ලියන්න use කරනවා.

හොදයි අපි තව දුරටත් මේ serverless computing  පිළිබඳව ඊළඟ articles වලදී කතා කරමු….

---ඉෂාරා---

Tuesday, October 9, 2018

Database sinhala tutorial for beginners -part1





     මොනවද මේ database කියන්නෙ ?


ඔයාලා දැනටමත් database එක්ක වැඩ කරනවා ඇති . නැත්තන් database ගැන අහලා ඇති.
database  ගැන කතා කරන්න කලින් මුලින්ම බලමු මොකක්ද මේ database  එකක් කියන්නෙ කියලා.
database එකක් යනු ?
data සමුහයකි . database එකක්,  සරලව කියනවා නම් දත්ත list එකක් තියන text file හෝ තරමක් ලොකු සංකීර්ණ  database
management system එකක් .

database management systems එකක් කියන්නෙ මොකක්ද බලන්න කලින් සරල උදාහරණයක් ලෙස  text file එකක් බලමු.


ඉතා කුඩා data ප්‍රමාණයක් සදහා මේ විදිය ගැලපෙනවා වුණාට data විශාල ප්‍රමාණයක් සදහා මේ විදිය ගැලපෙන්නෙ නෑ.

ඒ වගේම  spread sheet එකක් ලෙස data store කරන්නත් පුලුවන්.ඒකට එදිනෙදා පාවිච්චි කරන excel වගේ software එකක් පාවිච්චි කරන්න පුලුවන්.





Excel  වලින් spreadsheet එකක  Rows සහ  columns වලට data දැම්මාම,  data වල formatting වෙනස් කරන්න, data sort කරන්න ,filter කරන්න වගේ දේවල් පහසුවෙන් කර ගන්න පුලුවන්.

Data  store කරන්න පාවිච්චි කරන ක්‍රම අතරින්    Database Software එකක් පාවිච්චි කිරීම තමයි හොදම ක්‍රමය විදියට හදුන්වල දෙන්න පුලුවන්. Microsoft Access වගේ  Software එකක් මේ සදහා  පාවිච්චි කරන්න පුලුවන්.

Database software ගැන කතා කරද්දි මුලිකවම දැනගතයුතු දෙයක් තමයි Database Management System (DBMS) කියන්නේ .

DBMS එකක් කියන්නේ  databases හදන්නත්, manege කරන්නත් කරන්නත් පුළුවන් software program එකක්   . මේ software system වලදි    database සම්බන්ද සම්මත ක්‍රමවේද (standard methods)  පාවිච්චි කරනවා.   සාමාන්‍යයෙන්  text  file/spreadsheet වලට වඩා databases ටිකක් සංකීර්ණයි.  
මුලිකව ගත්තම  database systems වර්ග 04 ක්  තියනවා.
1). Relational Database Management System (RDBMS) 
2).Network Database Management System 
3).Hierarchical Database Management System 
4). Object-oriented  Database Management System 

දැන් ගොඩක්  පාවිච්චි කරන database systems වර්ගෙ තමයි Relational Database Management System (RDBMS). මොකද මේවගේ store කරන්න පුළුවන් එකිනෙකට සම්බන්ද data වෙනස් වෙනස් tables වල. ඒ වගේම ගොඩාක් ලොකු දැනීමක් , පුහුනුවක් නැති උනත් 
Relational Database Management System (RDBMS) එක්ක වැඩ කරන් යන්න පුලුවන්.(මේ ගැන වැඩි විස්‍තර පස්සෙ කියලා දෙන්නම්)
ජනප්‍රිය  relational database management systems ටිකක් 

  • Microsoft Access
  • File maker
  • Microsoft SQL Server
  • MySQL
  • Oracle
කලින් කිව්ව  database  වර්ග අතරින් වැඩිය හොද මොකක්ද කියන ප්‍රශ්නෙ ඔයාලට ඇති. 

ගෙදර හෝ office එකේ පොඩි database එකකට  Microsoft Access or File maker හොඳයි .   website එකකට වගේ database හදනවනම් ගොඩක් හොදයි  SQL Server, Oracle, or MySQL වගේ  වඩාත් සංකීර්ණ  එකක් භාවිතා කරනවානම් .

ඊලග  post එකේදි  DBMS වර්ග ගැන තවදුරටත් ඉගෙන ගමු.

--පියුමි--



Tuesday, October 2, 2018

Blender Sinhala Tutorial - Installation


       Blender කියන්නේ computer animation හැදීම සදහා නිපද වූ මෘදුකාංගයක්. computer animation හදන්න පුළුවන් 3D max, Maya  වගේ  application software  ගොඩක් තිබුනත්   blender ගොඩක් ජනප්‍රිය උනේ එහි තිබෙන සරල අතුරුමුහුණත් නිසා. මම අද පාවිච්චි කරන්න යන්නේ  blender  වල තිබෙන නවතම සංස්කරණය වන  blender 2.7.

        Blender  ඔයාලගේ පරිගණකයේ නැත්නම් මෙම  link  එකට ගිහින්  download  කර ගන්න පුළුවන්. https://www.blender.org/ . අපි ඉස්සෙලම බලමු blender  කොහොමද ඔයාලගේ පරිගණකයට ස්ථාපනය කර ගන්නේ කියල.

       පරිගණකයට  download  උනු  setup file එක double click කරලා open කරගන්න.  එවිට මෙවැනි  wizard window එකක් ඔබට දැක ගන්නට පුළුවන්.


මෙහි ඇති next button  එක  click  කරන්න. එය ඔබව  end-user license agreement වෙත ගෙන යනු ලබයි.


එහි ඇති කොටුව තුල click  කර  next button  එක  click කරන්න.


මෙහිදී දී තිබෙන  default configuration ම භාවිතා කරන්න.


මෙහි ඇති install button  එක  click  කරන්න.


එවිට මේ ආකාරයෙන් Blender ස්ථාපනය වනවා දැක ගන්නට පුළුවන්. මෙය විනාඩි කිහිපයක් තුලදී පරිගණකයට ස්ථාපනය වේ.



        Blender පරිගණකයට ස්ථාපනය වූ පහු එය  start menu item එකක් ලෙස දැක ගන්නට පුළුවන්. මේ තියෙන්නේ Blender වල දකින්නට ලැබෙන පළමු අතුරු මුහුණත. අපි ඊලග ලිපියෙන් blender වලින් වැඩ ගන්න හැටි කතා කරමු.


 -Hasini Senanayaka-