Sunday, December 20, 2020

Java Programming sinhala tutorial - 2D, 3D, ND Arrays - Part 23

2D, 3D, ND Arrays/ Multidimensional Arrays

    කලින් ලිපි වලින් අපි 1D arrays ගැන දැනගත්තනේ. අද අපි multidimensional arrays ගැන බලමු.

    එකම data type එකක් පවතින array කිහිපයක් single unit එකක් ලෙස represent කිරීම 2D Arrays කියලා සරලවම කියන්න පුළුවන්.



    2D array භාවිතා කිරීම මගින් data tabular format එකෙන් store කල හැක. ඉහත 2D array උදාහරණය අනුව N මගින් පේළි ගණන ද M මගින් තීරු ගණන ද ලබා ගත හැක. සියලු element ගණන M * N වේ. Nested loop භාවිතයෙන් 2D arrays පහසුවෙන් හැසිරවිය හැක.



    2D array එකක් int[][] y; ලෙස command කල විට variable stack එකේ array reference variable එක නිර්මාණය වේ. 
    y = new int[4][3]; ලෙස command කල විට variable 4 ක් සහිත array එකක් නිර්මාණය වේ. එසේම variable 3 ක් සහිත array 4 ක් එකක් නිර්මාණය වන අතර එම array වලට අදාල array address කලින් නිර්මාණය වූ variable 4 ක් සහිත array එකෙහි එක් එක් variable වල store වේ. variable 4 ක් සහිත array එකෙහි address එක y reference variable එකෙහි store වේ.




    3D array එකක variables RAM එකෙහි නිර්මාණය  වන ආකාරය පහත පරිදි වේ.

int[][][] z = new int[4][3][2];


    2D, 3D, ND array reference පහත පරිදි ලිවිය හැක.



    2D, 3D, ND array constructors පහත පරිදි ලිවිය හැක.



    2D array එකක length එක පහත පරිදි සෙවිය හැක. 2D array එකක length එක යනු එහි array ගණන වන අතර එහි එක් array එකක length එක යනු එම array එකෙහි element ගණන වේ.



    2D, 3D, ND array වල එක් එක් variable වල අගයන් පහත පරිදි assign කල හැක. Literals store කල හැකි variable වල literals පමණක් store කල හැකි අතර array reference tore කල හැකි variable වල array reference පමණක් store කල හැකි.


අපි ඊලග ලිපියෙන් Java ගැන තවත් විස්තර ඉගෙන ගනිමු.

- චමෝදි -

0 comments:

Post a Comment