Wednesday, December 9, 2020

Java Programming sinhala tutorial - Array Sorting - Part 22

Array Sorting

    අද අපි බලමු array sorting කියන්නේ මොකද්ද කියලා. Array එකක variable වල value කුඩා අගයේ සිට විශාල අගය දක්වා සකස් කිරීම array sorting කියලා සරලවම කියන්න පුළුවන්. Sorting algorithms ගොඩක් තිබුනත් මම මේ ලිපියෙන් අද කියන්න යන්නේ ක්‍රම 2 ක් ගැන විතරයි. ඒ bubble sort හා selection sort ගැන.

Bubble Sort

    මෙහිදී array එකක එක ලග පවතින element 2 ක value සංසන්දනය කරමින් විශාල value එක සහිත element එක 2 වන element එක ලෙස swap කරයි. මෙම ක්‍රියාවලිය මුළු array එකම sort වන තෙක් සිදු කරයි.



Selection Sort

    Array එකක variable වල value sort කරන දෙවන ක්‍රමය මෙයයි. වැඩිම අගය සහිත index එක සොයා එය අවසාන variable එකට ද එම අවසාන variable එකේ අගය, විශාලම අගය පවතී variable එකටද මාරු කරයි. ඉන් පසු ඊළගට වැඩිම අගය සහිත index එක සොයා එය අවසාන variable එකට පෙර variable එකටද එම variable එකේ අගය, දෙවන විශාලම අගය පවතී variable එකටද මාරු කරයි. මෙලෙස මුළු array එකම sort වන තෙක් සිදු කරයි.


අපි ඊලග ලිපියෙන් Java ගැන තවත් විස්තර ඉගෙන ගනිමු.

- චමෝදි -

0 comments:

Post a Comment