Thursday, November 8, 2018

MongoDB sinhala tutorial part-2



අද මම කියලා දෙන්නම්  MongoDB  database  පාවිච්චි කරන   ගමන් කරන queries execute  හැටි . ඒකට මුලින්ම mongo shell  එක open  කරගන්න ඕනි. command prompt එක පාවිච්චි කරලත් පුලුවන් නැත්තන්  mongochef  වගේ IDE  එකක් පාවිච්චි කරන්නත් පුලුවන්.මං කරන්නේ cmd එකෙන්.cmd එක open  කරලා mongo කියලා type  කරලා enter කරාම මේ වගේ  mongo shell  එක open වෙනවා.




දැන් අපි බලමු දැනට අපි ගාව තියන databases  ටික මොනවද කියලා බලා ගන්නෙ කොහොමද කියලා. ඊට කලින් කියන්න ඕනි අපිට කෙලින්ම mongo shell  එකේ queries type   කරන්නත් පුලුවන් නැත්තන්  notepad වගේ  IDE එකක මුලින් type  කරලා copy  කරගෙන  mongo shell  එකේ paste කරන්නත් පුලුවන්.
හරි..
දැනට අපි හදලා තියන databases  මොනවද කියලා බලාගන්නෙ මෙහෙමයි.

"show dbs " කියලා type  කරලා enter  කරන්න විතරයි තියෙන්නෙ.  මෙතන මං හදපු databases  ටිකක් තියන්වා. එක database එකක්වත් හදලා නැත්තන්  local , admin කියන database දෙක  විතරයි තියෙන්නෙ.
SQL වලදි නම් අපිට database  එකක් හදා ගන්න ඕනි උනාම කලේ "create database customer  " කියලා නමක් දීලා "use customer "දීලා හදපු එකට switch  කරපු එකනේ.MongoDB වලදි කෙලින්ම  "use customer" කියලා type  කරලා enter කරාම database  එක හැදිලා  database එකට switch  වෙන එකත් වෙනවා.

දැන් අපි ඉන්නේ හදපු database එක ඇතුලෙ.ඒක බලාගන්න පුලුවන් " db" කියලා type කරලා enter කරාම.

දැන් බලමු database වල කොහොමද data store කරන්නේ කියලා. MongoDB වල data store කරන්නෙ documents/collections  විදියට නැත්තන් json syntax  විදියට. ඒ කියන්නෙ data තියෙන්නෙ javascript objects විදියට . දැන් බලමු කොහොමද  json object එකක් හදා ගන්නෙ කියලා. 
data store කරද්දි වෙනස් ආකාර වලට  store කරන්න පුලුවන්. 
  • data ,key  සහ value විදියට   store  කරන්න පුලුවන්.
  • ඒ වගේම array එකක් විදියට  store කරන්න පුලුවන්.
  • ඒ වගේම json object එක ඇතුලේ අලුත් object එකක් හදලා ඒ object එක පාවිච්චි කරලා  store කරන්නත් පුලුවන්.
  • තව පුලුවන්  object  array එකක් හදලා ඒ array එක ඇතුලේ තියන වෙන වෙන  object  ඇතුලේ data store කරන්න.


database එකට data insert කරන්න කලින් අපි database එකට user  කෙනෙක් හදා ගන්න ඕනි.



මුලින් notepad එකේ type  කරලා copy paste  කරන එකයි ලේසිම.

දැන් මාව user කෙනෙක් විදියට add වෙලා  තියෙන්නෙ. මේ user කෙනෙක්
විදියට add කරන එක ගැන  වැඩි   විස්තර දැනගන්න ඕනි නම් මේ link -> createUser එකට ගිහින් බලන්න..
දැන් එහෙනම් කොහොමද අපි හදා ගත්ත customer database  එකට  data insert කරන්නෙ කියලා බලමූ.
Data insert කරන්න නම් ඉස්සෙල්ලම collection එකක්  හදා ගන්න ඕනි. collection එකක් කියන්නෙ Mysql  වලදි අපි හදපු  table එකක් වගෙ දේකට.
මං හැදුවෙ customer database එක ඇතුලේ customer නමින්ම collection  එකක්. "show collections "කියන  command එකෙන් පුලුවන් අපිට collections ටික බලා ගන්න.දැන් බලමු කොහොම data insert කරන්නෙ කියලා. command එක තමයි  "db.collectionName.insert()".
මේ insert() function  එක ඇතුලට දාන්න ඕනි මං කලින් කිව්ව වගේ  object එකක්.
 data insert කලාට පස්සෙ  view කරන්න  "db.collectionName.find()"කියන command  එක පාවිච්චි කරන්න පුලුවන්.


අදට ඇති එහෙනම්. ඊලග post එකෙන් ඉතුරු ටික කියලා දෙන්නම්....
--පියුමි--

0 comments:

Post a Comment