Wednesday, November 21, 2018

Java Programming sinhala tutorial - Computer Variables - Part 5

Computer Variables

Computer program එකක් run කරන විට data තාවකාලිකව store කරගැනීමට RAM එකෙන් (Main memory එකෙන් ) වෙන් කර ගන්නා space එක variable එකක් ලෙස හදුනා ගන්න පුළුවන්.

  • සැම java variable එකක්ම භාවිතා කිරීමට පෙර declare කල යුතුයි.

  • RAM එකේ data තැම්පත් වන්නේ electric data ආකාරයට. Program එකක් run වන්නේ ඉහල සිට පහලට නිසා variable එකේ අවසානයට assign කල value එක එහි තැම්පත් වී ඇති බව දැකිය හැකි අතර කලින් එම variable එකට assign කල value වලින් බලපෑමක් ඇති නොවේ. 

  • Program එක තුල අවශ්‍ය තැනකදී variable නිර්මාණය කල හැක. (C, Pascal, Visual Basic මෙන් නොවේ)

  • එකම ස්ථානයේ variable එකකට වඩා නිර්මාණය කල හැක. ඒවා comma (,) ලකණු මගින් වෙන් කල යුතුය.

  • අවශ්‍ය නම් variable නිර්මාණය කරන විටම ඒවාට value assign කල හැක.

  • එක් variable එකක value එක වෙනත් variable එකකට assign කල හැක. එවිට දකුණු පස variable එකේ value එක වම් පස variable එකට assign වේ.

  • Arithmetic operation වලට variable භාවිතා කල හැක.

  • එකම program එකේ එකම block එකක් තුල එකම නමින් variable 2 ක් නිර්මාණය කල නොහැක.

Java variable 3 වර්ගයක් පවතී.

  1. Local Variable
  2. Instance Variable
  3. Static Variable

Local Variable

        Block එකක් තුල හෝ method එකක් තුල හෝ  constructor එකක් තුල හෝ නිර්මාණය කරනු ලබන variable Local variable ලෙස හදුන්වයි. දැනට constructor එකක් කියන්නේ මොකක්ද කියල මේ ලිපි වලින් කියල දීලා නැති නිසා ඒ ගැන හිතන්නෙපා. Local variables ඒවා declare කර ඇති block එක තුල පමණක් අපිට භාවිතා කල හැක.

Instance Variable

Block එකක් තුල හෝ method එකක් තුල හෝ  constructor එකක් තුල හෝ නිර්මාණය නොකර class එක තුල නිර්මාණය කරන non-static variable instance variable ලෙස හදුන්වයි.


Static Variable

Block එකක් තුල හෝ method එකක් තුල හෝ  constructor එකක් තුල හෝ නිර්මාණය නොකර class එක තුල නිර්මාණය කරන static keyword එක සහිත variable static variable (class variable)ලෙස හදුන්වයි. 



මෙම variable type ගැන වැඩි විස්තර ඉදිරි ලිපි වලින් ඔයාලට දැනගන්න පුළුවන් වේවි.

- චමෝදි -

0 comments:

Post a Comment