Tuesday, November 6, 2018

Java Programming sinhala tutorial - Primitive Data Type - Part 4

Primitive Data Type

       Primitive data types කියන්නේ Java language එකේ පවතින මුලික data types වේ. Data type එක අනුව variable එකක store කල හැකි මොන විදිහේ data ද එය කුමන operation වලටද support කරන්නේ කියල අපිට වෙන් කරගන්න පුළුවන්. Java language එක අනෙක් පරිගණක භාෂා (C, C++) වලට වඩා හොද primitive data types අපට ලබා දී තියෙනවා. කලින් ලිපියෙන් අපි ඉගෙන ගත්ත literals වර්ග 5 භාවිතා කල හැකි වන පරිදි Java language එකේ  primitive data types 8ක් පවතී. සැම data type එකක් ම numeric value එකක් ලෙස තබා ගැනීම නිසා system එකට directly තේරුම් ගන්න පුළුවන්.

     පහත පරිදි primitive data types, ඒවා store වීමට අවශ්‍ය ඉඩ ප්‍රමාණය හා ඒවායේ range එක දැක්වේ.


Java language එක unsign types වලට support කරන්නේ නැ. නමුත් char data type එක unsign වේ. එය 16-bit Unicode UTF-16 character ලෙස store වේ.  එයට හේතුව එහි negative characters නොමැති වීමයි.



Default Values of Java's Primitive Types


      Java primitive data types අපි class members ලෙස declare කල විට, ඒවා default values මගින් initialize වේ. අපි programming කරන විට variable තැන් 2 ක declare කරන්න පුලුවන්. පළමු විදිය තමයි function එකක් තුල declare කරන එක. ඒවා අපි local variable ලෙස හදුන්වනවා. දෙවැනි විදිය තමයි  class member ලෙස. Local variable භාවිතා කිරීමට පෙර ඒවා අපි initialize කරන්න ඕනේ. නැත්තම් compiler error ලැබේ. නමුත් අපි class member ලෙස variable එක declare කල විට අපි විසින් එය initialize කිරීම අනිවාර්ය නොවේ. ඊට හේතු වනුයේ compiler default values මගින් එම variable initialize වීමයි.

Java's primitive data types වලට අදාල default values පහත දැක්වේ.


ඉහත සදහන් කල variable declare කරන ආකාර 2 පහත පරිදි වේ.


අපි ඊලග ලිපියෙන් තවත් Java language එක ගැන ඉගෙන ගනිමු.

- චමෝදි -

0 comments:

Post a Comment