Thursday, November 1, 2018

Java Programming sinhala tutorial - Literals - Part 3

Simple data / Java Literals

Source code එකෙදි අපිට භාවිතා කල හැකි data නැත්නම් values Literals ලෙස හදුන්වනවා. අපිට Java source code එකක ප්‍රධාන ලෙස භාවිතා කල හැකි literals 5 ක් පවතී. ඒවා පහත පරිදි දැක්විය හැක.
  1. Integer number                 - 1200, -1200, 12345
  2. Floating-point number      - 1.2133, 0.0023, -0.00233
  3. String                                - "ABC", "D", "7"
  4. Characters                         - 'A', '7'
  5. Boolean                             - true, false
මෙම ලිපියේ සිට Netbeans tool එක භාවිතා කරමින් Java ගැන කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඔයාලට ලේසියෙන්ම මේ link එකෙන් මේ tool එක download කරගන්න පුළුවන්.(https://netbeans.org/downloads/)

මුලින්ම file - > New Project - > categories: Java, Projects: Java Application තෝරන්න - > Next - > Project Name එකක් දෙන්න - > Finish




  • Integer Literals


source code එකට ඇතුළත් කල හැකි පුර්ණ සංඛ්‍යා Integer Literals ලෙස හදුන්වනවා. Integer Literals භාවිතා කල හැකි ආකාර 4 ක් පවතිනවා.

  1. Decimal
  2. Octal
  3. Binary
  4. Hexadecimal

  • Decimal - 10 පාදයේ සංඛ්‍යාවක් ලෙස ලිවිම.
  • Octal- 8 පාදයේ සංඛ්‍යාවක් ලෙස ලිවිම. නමුත් අපිට x = 1448 ලෙස ලිවිය නොහැකි නිසා සංඛ්‍යාවට පෙර 0 type කරනවා. එනම් x = 0144; ලෙස.
  • Binary- 2 පාදයේ සංඛ්‍යාවක් ලෙස ලිවිම. නමුත් අපිට x = 1011012 ලෙස ලිවිය නොහැකි නිසා සංඛ්‍යාවට පෙර 0B නැත්නම් 0b type කරනවා. එනම් x = 0B101101; ලෙස.
  • Hexadecimal - 16 පාදයේ සංඛ්‍යාවක් ලෙස ලිවිම. නමුත් අපිට x = 6416 ලෙස ලිවිය නොහැකි නිසා සංඛ්‍යාවට පෙර 0X නැත්නම් 0x type කරනවා. එනම් x = 0X64; ලෙස.



       source code එකේ  integer literals ලෙස ලිවිය හැකි උපරිම අගය වනුයේ Int data type එකේ උපරිම අගය වේ. එනම් 32 bit වලින් ලිවිය හැකි උපරිම අගය වන 2147483647 වේ. මීට වඩා විශාල අගයක් source code එකේ  ලිවීමට නම් එම අගය Long data type එකෙන් එම අගය store වන ලෙස computer එකට දැන්විය යුතුයි. ඒ සදහා සංඛ්‍යාවේ අගට L හෝ l යොදයි.එවිට එම අගය 64 bit වලින් store වේ.Data type ගැන තවම මේ ලිපි වලින් කියල දීල නැති නිසා දැනට ඒ ගැන හිතන්න එපා. ඊලග ලිපියෙන් අපි data type ගැන දැන ගනිමු.



  • Floating Point Literals
     source code එකට ඇතුලත් කල හැකි දශම සංඛ්‍යා floating point literals වේ. මෙහිදී literals double data type එකේ ආකාරයට stare වේ.එනම් 64 bits ලෙස store වේ.
     source code එකේ ලියනු ලබන සංඛ්‍යාවේ අගට D  හෝ d යෙදු විට double විදියට store වේ. double හි long හි උපරිම අගයටත් වඩා වැඩි අගයන්ද store කල හැකි නමුත් අගය වෙනස් වේ. Data type ලිපියෙන් මේ ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවන් වේවි.


  • Character Literals

    source code එකට ඇතුලත් කල හැකි keyboard එකේ සංකේත character literals ලෙස හදුනා ගන්න පුළුවන්. keyboard එක මගින් source code එකට ඇතුලත් කල නොහැකි key අපිට වෙනත් සංකේත මගින් ඇතුලත් කරන්න පුළුවන්.

eg:-

  • ' \b ' - back space character
  • ' \n ' - new line character
  • ' \t ' - tab character
  • ' \r '
  • ' \f '

source code එකේ " " "  , " ' " , " \ " ලෙස ඇතුලත් කල විට compile error එකක් ලැබේ. මෙම සංකේත ඇතුලත් කිරීමට පෙර ' \ ' (backslash) යෙදිය යුතුයි. එනම් " \" "  , " \' " , " \\ " ලෙස.



  • Boolean Literals

අපිට source code එකට true, false ලෙස boolean literals ඇතුලත් කල හැක.



  • String Literals

String literals කියන්නේ අකුරු වල එකතුවක්. String literals double quotation marks (") තුල ලියනු ලබයි.




අපි ඊලග ලිපියෙන් අපි data type ගැන විස්තර ඉගෙන ගනිමු.

- චමෝදි -

0 comments:

Post a Comment