කලින් post එකේදි අපි කතා කලේ MongoDB database එකක තියන collection එකකට කොහොමද data insert කරන්නෙ සහ view කරන්නෙ කියලා. Data view කරද්දි විවිද queries පාවිච්චි කරලා විවිද අාකාරයට data view කරන්න පුලුවන්.දැන් බලමු ඒ විදි මොනවද කියලා.කලින් post එකේ කිව්වෙ db.collectionName.find() query එක ගැන විතරයි.
ඒ ඇරෙන්න තව ආකාර තියනවා.
ඊට කලින් කියන්න ඕනි MongoDB database එකකට අපි data document එකක් insert කරද්දි document එකට unique වෙච්ච id එකක් ලැබෙනවා.ඒක "object ID "එක විදියට හදුන්නනවා. id එක add වුනාම document තියෙන්නෙ කොහොමද කියලා මේ example එක බැලුවම තේරෙයි.
හරි.කලින්post එකේදි කිව්වා වගේ db.collectionName.find() execute කලාම අදාල collection එකේ තියන data ඔක්කොම ටික view කරන්න පුලුවන්.
ඒ වගේම pretty() command එක පාවිච්චි කරලා database එකේ documents ටික පෙන්නන විදියටම (structured විදියට) view කරන්න පුලුවන්.
ඒ වගේම අපිට collection එකේ තියන පලවෙනි document එක view කරන්න ඕනි නම් db.collectionName.findOne() කියන command එක පාවිච්චි කරන්න පුලුවන්.
මේ db.collectionName.findOne() command එක execute කරද්දි data view වෙන්නෙ pretty() format එකට අදාලවමයි.
දැන් අපි බලමු condition එකකට අදාලව document වල data, view කරන්නෙ කොහොමද කියලා.
උදාහරණයක් විදියට අපි බලමු customer collection එකේ Last Name එක "Dasanayaka" එක වෙන customersලා කව්ද කියලා
ඉලක්කම් තියන data view කරද්දි condition පාවිච්චි කරන්නෙ කොහොමද කියලා බලමු.
ඒකට data ටිකක් insert කරගමු.
ඒකට data ටිකක් insert කරගමු.
දැන් බලමු වයස 18 වෙන customer කෙනෙක් ඉන්නවනම් එයගෙ data view කරන්නෙ කොහොමද කියලා.
ඊළගට බලමු වයස 21 වෙන customer කෙනෙක් ඉන්නවනම් එයගෙ data view කරන්නෙ කොහොමද කියලා.
ඒ වගේම වයස අවුරුදු 20 ට අඩු අයගේ data view කරන්න "$lt" කියන keyword එක පාවිච්චි කරන්නත් පුලුවන්.
අපිටඕනිනම් වයස අවුරුදු 21 ට වැඩි හෝ සමාන අයගේ data view කරන්න "$gte" කියන keyword එක පාවිච්චි කරන්න පුලුවන්.
ඒ වගේම වයස අවුරුදු 21 ට අඩු හෝ සමාන අයගේ data view කරන්න "$lte" කියන keyword එක පාවිච්චි කරන්න පුලුවන්.
ඒ වගේම වයස අවුරුදු 21 ට සමාන නොවන අයගේ data view කරන්න "$ne" කියන keyword එක පාවිච්චි කරන්න පුලුවන්.
මෙතනදි වයස කියන attribute එක document එකේ තිබුනොත් වයස අවුරුදු 21 ට අසමාන අයගේ data පෙන්නනවා. වයස කියන attribute එක නැති documents තිබුනොත් ඒවගේ data ත් පෙන්නනවා. ඒ MongoDB කියන්නේ non relational database වර්ගයක් හින්දා.
හරි එහෙනම්.. අදට ඇති. ඊලග post එකෙන් හම්බෙමු..
--පියුමි--
0 comments:
Post a Comment