Saturday, February 9, 2019

Java Programming sinhala tutorial - Operators - Part 10

Operators in Java

  අද අපි බලමු Java වල පාවිච්චි කරන්න පුළුවන් operators මොනවාද කියලා. මේ operators අපිට floating-point වගේම integer numbers සදහා භාවිතා කරන්න පුළුවන්.

Arithmetic operators


    ප්‍රධාන වශයෙන් අපි arithmetic operators වර්ග 5 ක් හදුනා ගන්න පුළුවන්. ඒවා එකතු කිරීම (+), අඩු කිරීම (-), ගුණ කිරීම (*), බෙදීම (/) හා Modulus (%) . එකතු කිරීම (+), අඩු කිරීම (-), ගුණ කිරීම (*) හා බෙදීම (/) අපි සාමාන්යෙන් එදිනෙදා කරන එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම හා බෙදීම ට සමාන වේ. Modulus operator එක මගින් පළමු සංඛ්‍යාව දෙවන සංඛ්‍යාවෙන් බෙදා ශේෂය (ඉතිරිය) ලබා දෙයි.


ඒවගේම අපිට arithmetic operators String 2ක් concatenate කිරීමටද භාවිතා කල හැක.


    Incrementer (++) හා decrementer (--) operators මගින් පිළිවලින් operand එකෙහි අගය 1 ක් එකතු කිරීම හා අඩු කිරීම කරයි. මෙය postfix හා prefix ලෙස ආකාර 2 කින් සිදු කල හැක.


     n++ (postfix incrementer) මගින් n හි අගය 1කින් වැඩි කළත් එම වෙලාවේදී n ට තිබු පෙර අගය භාවිතා කරයි. ඉන් පසුව n හි අගය 1කින් වැඩි කළ අගය වේ. ++n (prefix incrementer) මගින් n හි අගය 1කින් වැඩි කරන අතර එම අගයම භාවිතා කරයි. 
     n-- (postfix decrementer) මගින් n හි අගය 1කින් අඩු කළත් එම වෙලාවේදී n ට තිබු පෙර අගය භාවිතා කරයි. ඉන් පසුව n හි අගය 1කින් අඩු කළ අගය වේ. --n (prefix decrementer) මගින් n හි අගය 1කින් අඩු කරන අතර එම අගයම භාවිතා කරයි. 

Relational Operators


     Relational operators මගින් සංඛ්‍යා 2 ක් හෝ variable 2 ක් අතර සම්බන්ධතාවය පෙන්නුම් කරයි. මෙයින් ලැබෙන ප්‍රතිඵලය සැම විටම true හෝ false වේ. 


Boolean Logical Operators


    Command එකක යම් statement 2 ක් අතර සිදු විය යුතු logical operation දැක්වීමට යොදන සංකේත boolean logical operators නම් වේ.

  • &  - Boolean AND - statement 2 ම true වේ නම් true, නැත්නම් false 
  • |   - Boolean OR- statement 2 න් එකක් හෝ  true වේ නම් true, නැත්නම් false 
  • ^  - Boolean XOR- statement 2 න් එකක් පමණක් true වේ නම් true, නැත්නම් false 
  • !  - Boolean NOT- statement එකේ logical state එකෙහි විරුද්ධ අගය result එක වේ 
  • &&  - Short circute AND - statement 2 ම true වේ නම් true, නැත්නම් false. නමුත් මෙහිදී පළමු statement එක false නම් දෙවන statement එක execute නොකරයි.
  • ||  - Short circute OR- statement 2 න් එකක් හෝ  true වේ නම් true, නැත්නම් false. නමුත් මෙහිදී පළමු statement එක true නම් දෙවන statement එක execute නොකරයි.


Ternary Operator (?:)


     if - else මගින් කරන ක්‍රියාවලිය එක් පේලියකින් සිදු කිරීම ternary operator මගින් සිදු කරයි. 



Assignment Operator


      Variable එකකට යම් arithmetic operation එකක් සිදු කර එම variable එකටම assign කිරීම කෙටියෙන් දැක්වීම මෙමගින් සිදු කරයි.



Operation Order


     යම් command line එකක operators එකකට වඩා ඇති විට ඒවා ක්‍රියා කරන අනුපිළිවෙල operation order නම් වේ. එය පහත පරිදි වේ.

  1. () , []
  2. ++ , -- , !
  3. * , / , %
  4. + , -
  5. > , < , <= , >= , == , !=
  6. & , | , && , || , ^
  7. ?:
  8. =op
     ඉහත දක්වා ඇති operation order එකෙහි එකම මට්ටමේ ඇති operators, command line එකක ඇති විට ඒවා වමේ සිට දකුණට ක්‍රියා කරයි.

- චමෝදි -

1 comment:

  1. Godak hodata therenawa... Thank you....

    ReplyDelete