මේ තියෙන්නේ මන් කලින් හදාගත්තු table එක.
ඉස්සෙල්ලම කරන්න ඕනි මේ table එකේ top view එකට යන එක.
ඊට පස්සේ මේ වම් පැත්තේ තියෙන tab එකින් create කියන tab එකට තෝරලා එකේ තියෙන plane කියන button එක click කරන්න. ඊට පස්සේ මේ විදියට table එක වැහෙන්න මේ plane ඇඳගන්න. මේකෙදි මතක තියාගන්න ඕනේ කාරණයක් තමයි මේ plane එක table එකට වඩා ටිකක් විශාල වෙන්න ඕනේ කියන එක.
ඊට පස්සේ Edit mode තෝරලා වම් පැත්තේ තියෙන tools ටැබ් එක click කරන්න. එකේදී ඔයාට හොයාගන්න පුළුවන් subdivide කියලා button එකක්. එක click කරහම ඔයාට බලාගන්න පුළුවන් plane එකේ surface එක කොටු කොටු වලට බෙදෙනවා. පස් හය පාරක් surface එක subdivide කරන්න. මේකේ තියෙන කොටු ප්‍රමාණය වැඩි වෙන තරමට තමයි table cloth එකට smooth බවක් ලැබෙන්නේ. මේ තියෙන්නේ එහෙම subdivide කරාට පස්සේ surface එක පේන හැටි.
දැන් ආයෙත් object mode එකට යන්න. ඊට පස්සේ දකුණු පැත්තේ තියෙන මෙනු එකින් add modifier තෝරලා එකේ තියෙන cloth කියන කැටගරි එක තෝරන්න. මතක් තියාගන්න අපි මේ වෙනස් කම් කරන්නේ plane එකට
දැන් table එක select කරන්න. ඊට පස්සේ අර විදියටම table එකට collision කියන modifier එක දෙන්න.
ඊටපස්සේ play කරලා බැලුවොත් ඔයාට බලන්න පුළුවන් table cloth එක උඩ ඉදන් table එක උඩට වැටෙන animation එකක්.
ඉතින් මං මේ විදියට තමයි මගේ table එකේ table cloth එක තියෙන්න ඕනේ කියල හිතුවේ. ඒ කියන්නේ මේ අවස්ථාව එද්දී මම animation එක play වෙන එක නතර කරලා මේ වගේ still එකක් ගත්තා.
හැබැයි ඔයාලට හොදට බැලුවොත් පෙනේවි මේ table cloth එකේ දාර smooth නැහැ කියලා . ඒ නිසා මම මේ වම් පැත්තේ තියෙන මෙනු එකින් tools tab එක තෝරලා එකේ shading වල තියෙන smooth button එක click කරා. මේ තියෙන්නේ දාර smooth කරපු table cloth එක.
ඔයාලට මතක ඇතිනේ මන් කලින් පොස්ට් එකේ texture එකක් දාන්න කියල දුන්නා. ඉතින් මන් ඒ විදියට table එකට සහ table cloth එකට මේ වගේ textures දෙකක් add කර ගත්තා. මේ තියෙන්නේ render කර ගත්තට පස්සේ final output එක.
ඉතින් මේ වගේ තවත් පොස්ට් එකකින් නැවත හමුවෙමු.
-හසිනි-
0 comments:
Post a Comment