Sunday, January 13, 2019

Blender Sinhala Tutorial - How to make a table

        ආයුබෝවන්. මම අදත් ආවා අලුත් බ්ලොග් පොස්ට් එකක් අරගෙන. ඉතින් ඔයාලට bender ගැන basic දැනුමක් තියෙන නිසා මං හිතුවා පොඩි practical දෙයක් කරන්න. ඉතිං අද කියලා දෙන්න යන්නේ මේසයක් හදන්නඒ විතරක් නෙමෙයි මේ මේසෙට මේස රෙද්දක් දාලා ඒකට texture එකකුත් apply කරන්න කියල දෙනවා ඉස්සරහට.

        එහෙනම් ඉස්සෙල්ලම අපි මේසයක් හදමු.  එකට මම පාවිච්චි කරන්නේ cylinder එකක් විතරයි. මේ ආකාරයෙන් තමයි  blender open  වුණහම පෙන්නන්නේ.



        මං මේ කියුබ් එක keyboard එකේ delete button එක press කරල delete කරනවා. ඊට පස්සේ වම් පැත්තෙ තියෙන toolbar එකේ create කියන ටැබ් එක click කරල cylinder කියන button එක press කරනවා. එතකොට ඔයාට බලාගන්න පුලුවන් මේ වගේ  cylinder  එකක්  work area එකේ මැද හැදෙනවා.




        ඉස්සෙල්ලම මම මේ cylinder එකේ මහත චුට්ටක් අඩු කරනවා. පහල වම් පැත්තේ තියනව add cylinder කියලා toolbar එකක්. ඒකේ තියෙන radius එක මම 0.3ට අඩු කරනවා.එතකොට cylinder 1 මේ ආකාරයෙන් තමයි දිස් වෙන්නේ.





        ඊට පස්සේ object mode එක edit mode එකට වෙනස් කරනවා. එතකොට object එක දිස් වන්නේ wire frame
එකක් විදිහට. ඊට පස්සේ මං keyboard එකේ b අකුර press කරනවා. එතකොට mouse pointer එක මේ ආකාරයෙන් වෙනස් වෙනවා. දැන් තියෙන්නෙ මේ  cylinder එකේ උඩ කොටස select කරගන්න.



        සාමාන්‍ය විදියටම drag කරලා drop කරහම මෙන්න මේ ආකාරයෙන් cylinder එකේ උඩ කොටස සිලෙක්ට් වෙනවා.හැබැයි මේකෙදි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ cylinder එකේ උඩ තියෙන හැම node එකක්ම select කරගන්න ඕනේ.  ඒ නිසා ඉස්සෙල්ලම cylinder එකේ උඩ පෘෂ්ඨය පැහැදිලිව පෙනෙන කෝණයකට 3D View එක හරවගන්න. ඒ වගේම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි උඩ පෘෂ්ඨයට අමතරව වෙන පෘෂ්ඨවල node  අහුවෙන්නේ නැතුව select කරගන්න එක.





        ඊට පස්සේ  keyboard එකේ "E" අකුර press කරන්න. ඒකෙන් අදහස් කරන්නේ extrude කියන එක.  ඒ කියන්නේ එක පෘෂ්ඨයකින් නෙරුමක් ඇති කිරීම. එතකොට cylinder එකෙක් කොටසක් උඩට නෙරා ඇවිල්ලා ඒ කොටස  mouse pointer එක චලනයත් සමග උඩ පහල අරන් යන්න පුළුවන් තත්වෙට පත්වෙනවා. මේ අපි හදන්න හදන්නේ මේසෙ උඩ කොටසයි. ඒ නිසා කැමති උසකට මේ කොටස අරන් ගිහිල්ලා click කරන්න.

        ඊට පස්සේ "S" අකුර press කරන්න. ඒකෙන් කියන්නේ මේ අපි හදපු රවුම scale කරන්න කියන එක. Mouse pointer එක නිදහසේ එහෙ මෙහෙ චලනය කරද්දී රවුම විශාල වෙනවා ඔයාට බලාගන්න පුලුවන්. මේස කකුලට සාපේක්ෂව මේ රවුම විශාල වුණාට පස්සේ mouse pointer එක click කරන්න.


        ඊට පස්සේ ආයෙත් extrude මගින්  මෙන්න මේ ආකාරට මේසයට ඝනකමක් දෙන්න පුළුවන්. තමන්ට අවශ්‍ය ඝනකමට ආවට පස්සේ  ආයෙත් mouse pointer එක click කරන්න. දැන් මේ ආකාරයෙන් තමයි  මේසය දිස්වන්නේ.



මේ පෝස්ට් එක තවත් දිග වෙන හින්දා අදට මම නවතිනවා.  ඊළඟ පෝස්ට් එකෙන් මං කියලා දෙන්නම් මේස රෙද්දක් හදලා ඒකට texture  එකක් apply කරන හැටි.


-Hasini Senanayaka-


7 comments: