Introduction
Java Language යන්න අපට සරලවම පරිගණක භාෂාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම Java language එක මිනිසුන්ට කියවීමට හා ලිවීමට හැකි නිසා එය high-level language එකක් ලෙස ද හඳුන්වනවා. එමගින් programmer ට පුළුවන් English-base commands ලෙස පරිගණකයට instruction ලබා දීමට.
මුලින්ම අපි Java
program එකක් run
වෙන්නේ කොහොමද කියලා
බලමු. Programmer විසින් ලියනු
ලබන high-level instruction එසේ නොමැති
නම් source code එක save
කර compile කල විට hard
disk එකේ සිට RAM එකට load වන source code
එක compiler විසින් object
code එකක් බවට පත් කරයි. Interpreter
මෙම object
code එක machine
code එකක් බවට පත් කරයි. Programmer
මෙම file එක execute කල විට Java
program එක run
වේ.
Compiler විසින් ලබා
දෙන object
code එක O/S එක අනුව වෙනස් නොවන
නිසා ඕනෑම O/S එකක සිට මෙම object
code එක execute කිරීමේ හැකියාව පවතී.
එම නිසා Java language එක platform
independent language එකක් ලෙස ද
හදුනාගන්න පුළුවන්.
මුලින් ම අපි hello
world program එකක් නිර්මාණය
කරලා run කරන්නේ කොහොමද
කියල බලමු.
පළමුව අපි source
code එක notepad එකක save
කර ගන්න ඕනෙ. Code එක save කර ගන්නා විට .java ලෙස extension එක ලබා දෙන්න.
ඊළඟට අපි
නිර්මාණය කර ගත් source code එක compile
කර ගනිමු.
(javac HelloWorld.java ලෙස type කරන්න.)
අවසානයේ දී compile
කිරීමෙන් ලැබුණු file
එක execute කර ගනිමු.
(java HelloWorld ලෙස type කරන්න.)
- චමෝදි -
0 comments:
Post a Comment